පසුගිය ජනවාරි 01 වන දා සිට ජූලි 09 වැනි දා දක්වා පමණක් අප රටේ මාරක රිය අනතුරු 1126ක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 1190 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.ලෝකයේ සෑම තත්ත්පර 20කට වරක්ම එක් පුද්ගලයෙකු රිය අනතුරක් හේතුවෙන් මියයන බවත් ඒ අනුව දිනකට ලෝකයේ රිය අනතුරු හේතුවෙන් 3750 ක් මියයන අතර එය වසරකට මිලියන 1.2ක් 1.3ක් අතර අගයක් බවත් සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.මාර්ගය භාවිත කිරීමේදී රියැදුරන්, පදිකයින්, පැදිකරුවන් ආදීන්ගේ නොසැලකිලිමත්කම අපරීක්ෂාකාරීකම සහ මාර්ග නීතිවලට අවනත නොවීම බොහෝ රිය අනතුරුවලට හේතුව බව ද අනාවරණය වී තිබේ.