මොකක්ද මේ රට පුරා පැතිරෙන අමුතු සීතල?

මේ වන විට දිවයිනේ ප්‍රදේශ බොහොමයක උෂ්ණත්වය සැලකිය යුතු ලෙසින් පහළ වැටී ඇති අතර නව දිල්ලිය ඇතුළු උතුරු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට හමා ආ  සුළඟත් සමඟ එල්ල වී ඇති අහිතකර වායු බලපෑම මත දිවයිනට සූර්ය තාපය එල්ල වීම,ඊට හේතු වී ඇතැයි හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ.ආර් අබේසිංහ මහතා පවසයි.එමෙන්ම මේ වන විට දිවයිනේ ප්‍රදේශ ගණනාවකට පවත්නා වැසි සහිත කාල ගුණය සහ අහස වැසි වළාකුලින් බරව පැවතීම ද ඊට හේතු වී ඇතැයි පවසන අබේසිංහ මහතා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ එම සුළං තත්වය අප රටින් පහව ගිය පසු මෙම කාලගුණික තත්වයේ වෙනසක් දැකිය හැකි බව ය.

කාලීන පුවත්