පුරා දින 44 ක් තිස්සේ අදියර 7 ක් යටතේ පැවැති ඉන්දියානු මහ මැතිවරණ ප්‍රතිඵල අනුව අද(04 )උදෑසන 8.45 වනවිට අග්‍රාමාත්‍ය මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ සන්ධානය, ලොක් සභාවේ ආසන 543 න්, ආසන 184 ක් දිනා ගෙන තිබේ. ‘ඉන්දියා’ විපක්ෂ සන්ධානය දිනා සිටියේ ආසන 127 කි. බහුතරය සඳහා ආසන 272 ක් අවශ්‍ය වෙයි.මෙවර මැතිවරණයේ දී අග්‍රාමාත්‍ය මෝදි ප්රමුඛ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ ඉලක්කය වන ආසන 400 ක් දිනා ගැනීම පිණිස දකුණු ඉන්දීය ප්‍රාන්ත ඡන්ද දිනා ගැනීම කළ යුතුය. එහෙත් විපක්ෂ බලකොටු ලෙස සැලකෙන දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත බොහොමයක බලය තහවුරු කර ගැනීමට ’ විපක්ෂ සන්ධානය සමත් වී සිටී.ඒ අනුව මෝදිගේ ආසන 400 සිහිනය බොඳ වනු ඇතැයි මේ වන විටත් අනාවැකි පළ වී තිබේ.