ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ලබන අගෝස්තු මාසයේදී මෙරටේ සංචාරයක නිරත වෙනු ඇතැයි ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ නවදිල්ලි නුවර දී පැවසීය.
අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයෙන් පසු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පැවති විශේෂ හමුවේදී මෙරටට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බව ජය ශංකර් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැවසීය.