යල කන්නයේ සිදු කළ වී වගාවන්ගෙන් ඉතා ඉහළ අස්වැන්නක් ලැබෙමින් පවතින බව ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස් චමින්ද ඒකනායක මහතා ප්‍රකාශ කරන අතරේ මේ වන විට අස්වනු නෙළමින් පවතින මහවැලි බී කලාපයේ වී මිල පහත වැටෙමින් පවතින බවට ගොවීහු චෝදනා කරති. දිවයින පුරා යල. වගා කළ කුඹුරු හෙක්ටයාර 18 දහසක පමණ අස්වැන්න මේ වනවිට නෙලා අවසන් වී තිබේ. යල කන්නයේ වගා ආරම්භයේදි යුරියා පොහොර නොමැති විම නිසා ගොවි ජනතාව සුලු යුරියා ප්‍රමාණයක් වැඩි මිලට ගෙන කාබනික පොහොර මිශ්‍ර කර වගාවට යොදා තිබේ. එම ක්‍රමවේදය ඉතා සාර්ථක තත්ත්වයට පත් වී ඇති බවද ඔව්හු පෙන්වා දෙති. ඉදිරි මහ කන්නයේ වී වගාව සදහා ප්‍රමාණවත් ලෙස ජලය රැස්කරගත හැකි පරිදි වර්ෂාව ලැබි තිබෙන බව ද නියෝජ්‍ය කොමසාරිස්වරයා සඳහන් කරයි.නමුත් ගොවීන් සඳහන් කරනුයේ අස්වනු නෙලීමත් සමඟ වී මිල දී ගැනීමේ විධිමත් යාන්ත්‍රණයක් සකස් නොවීම මත ගොවීන් මහා පරිමාන සහල් මෝල් හිමියන්ගේ ජාවාරම් කාර මාෆියාවට ගොදුරු විය හැකි බවකි.