යාපනය සරසවියේ මහවිරු සැමරුම් වලට තහනම් නියෝගයක්

යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ එක් පාර්ශවයක් විසින් “මහ විරු සතිය” ලෙස නම් කොට ඇති කාල සීමාව තුළ දී කිසිදු අයුරකින් මහවිරු සැමරුම් පැවත්වීමට නොහැකි ලෙසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගත් බවට කෝපායි පොලීසිය පවසයි.යාපනය විශ්වවිද්‍යාලයේ මහවිරු සැමරුම් සඳහා ඇති සූදානම පිළිබඳව සහ එවැනි කටයුතු මඟින් මහජන සාමය කඩවීමේ අවදානම පිළිබඳව කෝපායි යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව යාපනය මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.
ඒ අනුව යාපනය විශ්වවිදයාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති, ලේකම් ඇතුලු ක්‍රියාකාරීන් පිරිසකට මෙලෙස මහවිරු සැමරුම් සඳහා තහනම් වන අතර විශ්ව විද්‍යාලය තුළදී කිසිදු සිසුවෙකුටද මහජන සාමය කඩවන අයුරින් සැමරුම් කිරීමට නොහැකි බවට පොලීසිය පවසා සිටියි.නොවැම්බර් 21 වනදා සිට 27 වනදා දක්වා යෙදී ඇති මහවිරු සතිය තුළීදී යාපනය විශ්වවිද්‍යාල සිසුන් පසුගිය වසර කිහිපය තුලදී රහසිගතව මහවිරු සැමරුම් සංවිධානය කොට තිබිණ.

කාලීන පුවත්