‘යුආන් වැන්ග් 5’චීන නැව 16 වනදා හම්බන්තොටට

‘යුආන් වැන්ග් 5’චීන තාක්ෂණික සන්නිවේදන නෞකාවට ලබන 16 වැනිදා හම්බන්තොට වරායට ඇතුලු වීම සදහා ශ්‍රී ලංකා රජය අවසර ලබා දී ඇති බව නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි.මේ වන විට අදාළ නෞකාව ගමන් වේගය අඩු කොට හම්බන්තොට වරායට නාවික සැතපුම් 600ක් දුරින් යාත්‍රා කෙරෙමින් පවතින බව වාර්තා වේ.කිසිදු වරායක නොනවත්වා දින 29ක් පුරා දැනට යාත්‍රා කරමින් පවතින මෙම නෞකාවට අවශ්‍ය ඉන්ධන සහ එහි සිටින නාවික කාර්ය මණ්ඩලයට අවශ්‍ය ආහාර ලබා ගැනීම සඳහා හම්බන්තොට වරායට පැමිණීමට අවශ්‍ය බව චීන රජය ශ්‍රී ලංකාවට අවධාරණය කොට තිබිණ.මෙම නැව ඉකුත්11 වනදා හම්බන්තොට වරායට ඇතුලුවීම සදහා රජය අවසරය දී තිබුණද ඉන්දියාව සහ අමෙරිකාව විසින් දැක්වූ විරෝධය හේතුවෙන් එම ගමන ප්‍රමාද කරන ලෙස ආණ්ඩුව චීනයෙන් ඉල්ලීමක් කොට තිබිණ.ඉන්දීය මාධ්‍ය මෙය”ඔත්තු බැලීමේ නෞකාවක් “ලෙස නම් කොට ඇති අතර ලබන 16 වැනිදා මෙම නෞකාවට හම්බන්තොට වරායට ඇතුලුවීමට අවසර ලබා දී ඇති බව නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි.

කාලීන පුවත්