රුසියාව හා යුක්රේනය අතර ඇති යුද ගැටුම් උග්රවීම හේතුවෙන් මේ වන විට යුක්රේන වැසියන් ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවක් ස්ලොවේකියාව,රුමේනියාවට සහ පෝලන්තයට පිටව ගොස් ඇතැයි වාර්තා වෙයි.සෙනසුරාදා උදෑසන 6 වන විට 10,000ක පමණ යුක්රේනියානුවන් පිරිසක් තම රටට පැමිණි බව ස්ලොවේකියානු බලධාරින් තහවුරු කළ අතර මේ වන විට 150,000කට වැඩි පිරිසක් පෝලන්තයට සහ තවත් 43,000ක පමණ පිරිසක් රොමේනියාවට පිටව ගොස් ඇතැයි වාර්තා වෙයි.