යුක්රේනය ආක්රමණය කළහොත් රුසියාවට එරෙහිව ශක්ති නාශක සම්බාධක පනවනු ඇති බවට එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු වන ඩෙරෙක් චොලට් අනතුරු අඟවා තිබේ.අද ඔහු මෙම අනතුරු ඇඟවීම කරන ලද්දේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අතර යුක්රේනය ආක්රමණය සම්බන්ධයෙන් දුරකථන ඇමතුම කිසිදු ප්රගතියක් නොමැතිව අවසන් වීමෙන් පසුවය.නමුදු මේ වන විට රුසියානු හමුදා යුක්රේනය යටත් කර ගැනීමට මාන බලන බවත් මේ වන විට යුක්රේන දේශ සීමා අද්දර එක් ලක්ෂ තිස් දහසකින් යුත් භට පිරිස් රඳවා ඇතැයි පැවසෙයි.