යුක්රේනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ගැන විදේශ අමාත්‍යංශය සෝදිසියෙන් ,

රුසියානු ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින යුක්රේනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යශය සඳහන් කරයි. යුක්රේනය සහ රුසියාව අතර හටගෙන ඇති උනුසුම් තත්ත්වය හමුවේ මේ වනවිට බොහෝ රටවල් යුක්රේනයේ සිටින තම වැසියන්ට ඉවත් වන ලෙස දැනුම් දී ඇත. ශ්‍රී ලාංකිකයන් 40 දෙනෙකු පමණ යුක්රේනයේ සිටින අතර. ඉන් 07 දෙනෙකුම සිසුන් බව එම අමාත්‍යංශය පෙන්වා දෙයි ,. යුක්රේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නොමැත. එසේවුවත් තුර්කියේ ඇන්කරා නුවර පිහිටි තානාපති කාර්යාලය මගින් අදාල කටයුතු සිදු කෙරේ. ඉදිරියේදි හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ශ්‍රී ලාංකිකයන් වහාම ඉන් ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතු යොදන බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි ,

කාලීන පුවත්