යුක්‍රේන දේශසීමාවේ රඳවා ඇති රුසියානු හමුදාවෙන් කොටසක් ඉවත් කෙරෙයි

යුද අභ්‍යාසයක් සඳහා යුක්‍රේන දේශසීමාවේ රඳවා සිටි රුසියානු හමුදාවෙන් කොටසක් ඉවත් කර ගැනීමට තීරණය කොට ඇති බවට රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කොට තිබේ. ඒ අනුව හමුදා භටයන්ගෙන් කොටසක් මේ වන විටත් හමුදා කඳවුරු වෙත යැවීම ආරම්භ කර ඇති බවයි.රුපවාහිනී මාධ්‍ය මගින් ප‍්‍රකාශයක් නිකුත් කරමින් රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප‍්‍රකාශක වර්යා කියා සිටියේ දැනට පවත්වා ගෙන යන යුද අභ්‍යාස අවසන් වූ වහාම එහි සිටින සෙසු හමුදා භටයනුත් තමන් අයිති හමුදා සේනාංක වෙත යවන බවය.ඒ අනුව රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ අවදානම යම් තරමකට පහව යනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙයි.

කාලීන පුවත්