යුද්ධයේ දී අපි තනි වුණා.ලොව බලවත් රටවල් මැදිහත් වියයුතුයි

යුද්ධයේ දී අපි තනි වුණා.ලොව බලවත් රටවල් මැදිහත් වියයුතුයි රුසියානු ප්‍රහාරය හමුවේ යුක්‍රේනය තනි වූ බව යුක්‍රේන ජනාධිපති වොලොඩමීර් සෙලෙන්ස්කි පවසයි ඒ සමඟම ඔහු කියා සිටියේරුසියානු ආක්‍රමණය මැඩ පැවැත්වීමට බටහිර මිත්‍ර පාර්ශ්වික රටවල්වලින් යළි උදව් ඉල්ලා සිටින බවයි.”ඊයේ වගේම අද උදෑසන සිට අපි තනිව සටන් වදිනවා. ලෝකයේ බලවත් රටවල් දුර සිට අප දෙස බලා සිටිනවා පමණයි යුක්‍රේන ජනපති වරයා කියයි.යුද්ධය අවසන් කිරීමට නම් රුසියාව, යුක්රේනය සමග කඩිනම් සාකච්ජාවකට පැමිණිය යුතු බව ප්‍රකාශ කළ යුක්රේන ජනාධිපතිවරයා කියා සිටියේ ඒ සඳහා ද ලොව බලවත් රටවල් වහා මැදිහත් විය යුතු බවය.

කාලීන පුවත්