යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම ජනපති හමුවෙයි

යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

සංචාරකයන්ගේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ ජනාධිපතිවරයා නියෝජිතයින් දැනුවත් කරනලදි.ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොනරෝ මහතා ප්‍රමුඛ නියෝජිත පිරිස ජනාධිපතිවරයා හමුවූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී.

සංචාරකයින්ගේ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරිම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී නියෝජිත පිරිස දැනුවත් කරනලදි.

ප්‍රධාන සංචාරක කලාප ආශ්‍රිතව ආරක්ෂාව තහවුරු කරමින් හදිසි සේවා යොදවා ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.ශ්‍රී ලංකාව සඳහා සිය වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම යුරෝපා සංගමය තුළ රැකියා අවස්ථා වැඩි කිරීම සහ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා ඇති කැපවීම යුරෝපා සංගම් නියෝජිතයින් ජනාධිපතිවරයා හමුවේ තහවුරු කරනලදි.

වෘත්තීය අධ්‍යාපන, සමුද්‍රීය, ආයෝජන ඇතුළු ක්ෂේත්‍ර රැසක් සංවර්ධනය සඳහා යුරෝපා සංගමයේ සහාය ලබා දෙන බව නියෝජිත පිරිස අවධාරණය කර තිබේ.

කාලීන පුවත්