ඊයේ (09) දිවයිනට ළඟා වූ යූරියා පොහොර මෙට්රික් ටොන් 45000 ක් රැගත් නෞකාවේ පොහොර තොගය නිල වශයෙන් ශ්රී ලංකා රජයට භාරදීම කොළඹ වරායේදී අද පෙරවරුවේ සිදුවිය.ඉන්දීය ණය ආධාර යටතේ ශ්රී ලංකාවට ලැබෙන පොහොර මෙට්රික් ටොන් 65 දහසේ පළමු තොගය එයයි. ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා එම පොහොර තොගය භාරදීිමට නියමිතයි. එම පොහොර තොගය මුළුමනින්ම වී වගාව සදහා වෙන්කර ඇත.මෙම පොහොර බෙදාහැරීම අද පස්වරුවේ ආරම්භ කෙරේ. හෙක්ටයාර් එකකට කිලෝග්රෑම් 100 ක් වනපරිදි එම පොහොර බෙදාහැරෙනු ඇත. යුරියා පොහොර මිටියක් රුපියල් දසදහසකට ගොවීන්ට අලෙවි කෙරේ. මේ වනවිට යුරීයා පොහොර මිටියක වෙළෙඳපලේ මිල රුපියල් 42 දහසක් පමණ වෙයි