යූරියා මිටියක් රුපියල් 5,000ට වඩා අඩුවෙන් දීමට පියවර

මේ දිනවල පුද්ගලික අංශය මගින් යූරියා පොහොර මිටියක මිල ඉහළ දමා තිබුණද රජය යූරියා පොහොර මිටියක් රුපියල් 5,000ට වඩා අඩුවෙන් ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මහතා පවසයි.ඕමානයේ සිට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,500ක් රැගත් නෞකාවක් පසුගිය සෙනසුරාදා දිවයිනට පැමිණි අතර එම යුරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද(12) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.මේ අතර අමාත්‍යංශය මඟින් ගොවීන්ට සළසන සහන ක්‍රියාත්මක කිරීමට බාධා පමුණුවන දේශපාලන සහ නිලධාරී ක්‍රියාකාරීත්වයන් හඳුනා ගැනීම පිණිස ද විශේෂ වැඩ පිළිවෙලක් යොදා ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්