රංජන් රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් ප්‍රමාදයක් සිදුවන බවට පැතිර යන තොරතුරු වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව රජයේ පාර්ශවය කියයි.ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනුයේ ඒ සඳහා වන ලිපි ලේඛන සියල්ල මේ වන විට සකසා අවසන් කර ඇති බවකි.එමෙන්ම ඒ සඳහා වන ලිපි ගොනුවට නීතිපතිවරයාගේ තවත් එක් නිර්දේශයක් පමණ අවශ්‍යව තිබෙන බව පවසන හරීන් ප්‍රනාන්දු මහතා එය ලැබුණු සැනින් ජනාධිපතිවරයා රංජන් රාමනායක මහතා නිදහස් කිරීමේ ලිපියට අත්සන් කරනු ඇතැයි කියයි.