රජය දුන් පොරොන්දු තව දුරටත් බිඳ වැටේ,විදුලි කප්පාදුව අදත්

අද(18) දිනයේ ද විදුලි කප්පාදුව සිදුකෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.ඒ අනුව P,Q,R,S,T,U,V,W, යන කලාප සඳහා උදෑසන 9 සිට පස්වරු 5 දක්වා පැයක කාලයක් ද පස්වරු 5 සිට රාත‍්‍රී 10 දක්වා පැය 1 යි මිනිත්තු 15ක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතය.මේ අතර A,B,C,D,E,F,G,H,J,J,K,L යන කලාප සඳහා උදෑසන 8 සිට පස්වරු 6 දක්වා කාලය තුළදී පැය 3යි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට එම කොමිසම අවසර ලබා දී ඇති අතර එසේම එම කලාපවලට නැවත පස්වරු 6 සිට රාත‍්‍රී 11 දක්වා කාලය තුළදී පැය 1යි මිනිත්තු 40ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කෙරේ ඒ අනුව මේවන විට විදුලි කප්පාදුව නවතන බවට ජනාධිපති වරයා,මුදල් ඇමති වරයා ප්‍රමුඛ රජයේ ප්‍රධාන පෙළේ බලධාරීන් ජනතාවට දුන් පොරොන්දු මේ වන විටත් බිඳ වැටෙමින් තිබේ.

කාලීන පුවත්