රජය ප්‍රමුඛතා වියදම් අතපසු කළොත් ගැටළු රැසක් ඇතිවේවි

මෙම මාසය සදහා රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි දීමනා, පාසැල් පෙළ පොත් මුද්‍රණය, වී මිලදී ගැනීම ආදී ගෙවීම් රාශියක් සිදු කළ යුතු අතර එම ප්‍රමුඛතා නොසළකා හැරිය හොත් ඉදිරියේ දී ගැටලු රාශියකට මුහුණ පෑමට සිදු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.රජයට වියදම් කිරීමට ප්‍රමුඛතා ලැයිස්තුවේ කරුණු කිහිපයක් සහ කළමණාකරණ සැලැස්මක් ඇතත් මේ වන විට පවතින ආර්ථිකය කළමනාකරණ ගැනීමේ ගැටළුවකට මුහුණ දෙමින් සිටින බව ද ඇමති වරයා සඳහන් කරයි.කලින් තිබූ ඉන්ධන ගෑස් පෝලිම අවසන් කිරීමට රජයට හැකි වූයේ ද එම වියදම් කළමණාකරණ සැලැස්ම අනුගමනය කිරීම මත බව ද ඇමති වරයා කීය.ඔහු මේ බව සඳහන් කළේ රජය මැතිවරණය සඳහා මුදල් වියදම් නොකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

කාලීන පුවත්