රජයේ රෝහල් වල බාල බෙහෙත් කිසිවක් නෑ

වර්ත­මා­නයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළි­බ­ඳ­වත්, ඖෂධ මිලදී ගැනීම පිළි­බ­ඳ­වත් වැරදි අසත්‍ය ප්‍රචාර රැසක් මාධ්‍ය මඟින් ප්‍රචා­රය වන මුත් ප්‍රමි­ති­යෙන් අඩු ඖෂධ කිසි­වක් රජයේ රෝහල් පද්ධ­තිය තුළ නොමැති බව වග­කී­මෙන් යුතුව ප්‍රකාශ කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පති­රණ මහතා පැව­සීය.ඖෂධ සම්බ­න්ධ­යෙන් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යීය ශ්‍රව­ණා­ගා­රයේ පැවැති විශේෂ මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් ඇමැ­ති­ව­රයා මේ බව ඊයේ (30) පැව­සු­වේය.”ප්‍රමි­ති­යෙන් අඩු ඖෂධ ගෙන්වීම සඳහා රජ­යෙන් කිසිදු ඉඩක් නැහැ. කිසිදු බිය­කින් තොරව රෝගීන්ට රජයේ රෝහල් පද්ධ­තිය තුළින් ලබා­දෙන ඖෂධ ආර­ක්ෂි­තව භාවිත කළ හැකියි.සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය කිසිදු හදිසි ඖෂධ මිලදී ගැනී­මක් සිදු කරන්නේ නැහැ. ගුණා­ත්ම­ක­භා­ව­යෙන් අඩු කිසිදු ඖෂ­ධ­යක් ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලිය මඟින් ලබා ගැනී­මට කට­යුතු කරන්නේ නැහැ”යැයි ද ඇමැ­ති­ව­රයා කීය.

කාලීන පුවත්