රජයේ සේවකයන්ට පෞද්ගලික අංශයේ වැඩ කරන්න වසර පහක පඩි රහිත නිවාඩුවක්

ශ්‍රම කාර්යශමතාව සහිත රජයේ සේවකයින්ට වැඩි වැටුපක් සහිතව පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වීම සඳහා වැටුප් රහිත වසර පහක් දක්වා නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් කරුණු සොයා බලා වාර්තා කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් වරයා විසින් සත් පුද්ගල කමිටුවක් පත්කර තිබේ.මෙම කමිටු වාර්තාව සති දෙකකින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ලේකම්වරයා සඳහන් කරයි.කිසියම් අයෙකුට තමන්ගේ දක්ෂතාව, ශ්‍රම කාර්යශමතාව මත වැඩිපුර මුදල් ඉපැයීමට පුද්ගලික රැකියාවක් අත්හදා බැලීමට මෙය අවස්ථාවක් කරගත හැකි බව පැවසෙයි.මෙම නව වැඩ පිළිවෙල යටතේ රජයේ සේවකයෙකුට තමන් දැනට බැඳී ඇති රාජ්‍ය සේවයෙන් වසර පහක වැටුප් රහිත නිවාඩුවක් ලබාගත හැකි අතර වසර පහ ගත වූ පසු අවසානයේ නැවත තමන් දරමින් සිටි රැකියාවේ අදාළ ශ්‍රේණියටම අනුයුක්ත විය හැකි අතර පෞද්ගලික අංශයේ එම රැකියාව දිගටම කරගෙන යන්නේ නම් රජයේ සේවයෙන් විධිමත්ව ඉවත්විය හැකිය.

කාලීන පුවත්