රජයේ සේවකයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විය හැකිද?යන්න මේ වන විට බොහෝ දෙනකු ගේ කතා බහට ලක් වන මාතෘකාවකි.එබැවින් ඒ සම්බන්ධ විමසුමක් කිරීම සුදුසු යැයි හැඟේ.රාජ්‍ය සේවයේ ප්‍රධාන වශයෙන් නිලධාරින් වර්ග දෙකක් දක්නට ඇත.
එනම්,
1) මාණ්ඩලික නිලධාරීන්
2) මාණ්ඩලික නොවන නිලධාරීන් වශයෙනි.
මේ අතරින් මාණ්ඩලික නිලධාරීන් පොදුවේ ගත් කල රාජ්‍ය සේවයේ ජේෂ්ඨ විධායක කටයුතු මෙහෙයවයි. මේ අය පත්වෙන ඕනෑම ආණ්ඩුවකට පක්ෂපාතීව ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු වේ. මේ නිසාවෙන්ම එම නිලධාරීන්ට රාජ්‍ය සේවකයන් පාලනය වන නීතිය වන ආයතන සංග්‍රහයේ XXXLL පරිච්ඡේදය යටතේ මහ මැතිවරණයකට, ජනාධිපතිවරණයකට,පළාත් සභා මැතිවරණයකට,ජනමත විචාරණයකට හෝ පළාත් පාලන ඡන්දයකට ඡන්දය පාවිච්චි කරනවා හැර වෙනත් කවර ආකාරයකින් හෝ දේශපාලන කටයුත්තක නියැළීම තහනම් කොට ඇත, එසේම එවන් ඡන්දයකට ඉදිරිපත් වන කවර හෝ අපේක්ෂකයකුට කවර හෝ ආකාරයකින් උදව් උපකාර කිරීම ද තහනම් කොට ඇත.
ඡන්දයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම මෙන්ම එවන් අපේක්ෂකයෙකු වීම සඳහා තමන් නම් කරවා ගැනීමට කවර හෝ පියවරවක් ගැනීම ආයතන සංග්‍රහයේ XXXLL පරිච්ඡේදයේ 1.1 සහ 1.2 වගන්ති මගින් තහනම් කොට ඇත.වෙනත් ආකාරයකින් පවසන්නේ නම් ඔවුන්ට දේශපාලන අයිතිවාසිකම් අහිමිකොට ඇත.
රජයේ මාණ්ඩලික නිලධාරීන්ට තම තනතුරින් නිවාඩු ලබාගෙන මැතිවරණ වලට ඉදිරිපත් විය හැකිද ?
මේ සම්බන්ධව ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව එසේ කිරීමට හැකියාවක් නොමැත.ඔවුන්ට මහ මැතිවරණයකට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට අවශ්‍ය නම් රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්විය යුතු ය.එනම් මැතිවරණයෙන් පසුව නැවත රාජ්‍ය සේවයට ඇතුළත් විය නොහැක.
නමුත් දේශපාලන අයිතිවාසිකම් ඇති මාණ්ඩලික නොවන රජයේ. මාණ්ඩලික නොවන රජයේ සේවකයන්ට නිවාඩු ලබාගෙන මැතිවරණ වලට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය හැක.
රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලධාරීන්ට ඕනෑම අවස්ථාවක රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්විය හැකිද?
රාජ්‍ය සේවකයෙකුට තමන්ට එරෙහිව දෙපාර්තමේන්තු විනය පරීක්ෂණයක් නොමැති නම් ඉල්ලා අස්වීමේ හැකියාව තිබේ. නමුත් විනය පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබෙන්නේ නම් ආයතන සංග්‍රහයේ Xළ්Vඓඓඓ පරිච්ඡේදයේ 35 (1) සහ 35(4) වගන්ති යටතේ එලෙස ඉල්ලා අස්වීමේ හැකියාවක් නැත.
රාජ්‍ය සේවයෙන් නිසි පරිදි ඉල්ලා අස් නොවූ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මහජන ඡන්දයෙන් පත්විය හැකිද ?
රාජ්‍ය සේවයෙන් නිසි පරිදි ඉල්ලා අස් නොවී යම් ආකාරයකින් මහජන ඡන්දයෙන් මන්ත්‍රීවරයෙකු බවට තේරී පත්වීමට, පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුව තුළ ඡන්දය ප්‍රකාශ කිරීමට නුසුදුසු පුද්ගලයකු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1) වගන්තියේ පැහැදිලිවම දක්වා ඇත.
යම් ආකාරයකින් විනය පරීක්ෂණයක් පවතිද්දී වංචනිකව රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වුව ද එය නීත්‍යානුකූල අස්වීමක් ලෙස නොසැලකේ.එම ඉල්ලා අස්වීම බල රහිත වන අතර තමන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවතිද්දී කවර ආකාරයකින් හෝ ඉල්ලා අස්වීමක් සිදුකළ නොහැකි බව අදාළ නිලධාරියා දැන සිටිය යුතුය.එබැවින් එම ප්රතිපාදනය නොතකා කවර ආකාරයකින් හෝ ඉල්ලා අස්වීමක් ලබාගෙන තිබේ නම් එය බල රහිත වේ.
යම් මාණ්ඩලික නිලධාරියෙකු රාජ්‍ය සේවයෙන් නිසි පරිදි ඉල්ලා අස්නොවී මහජන නියෝජිතයකු ලෙස පාර්ලිමේන්තුවට පත් වී ඇත්නම් ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කළ හැකිද?
ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුව ඔහු මන්ත්‍රීවරයකු වීම සඳහා නුසුදුස්සෙක් ලෙස නම් කොට ඇතිි බැවින් මේ පිළිබඳව අධිකරණයෙන් ඉල්ලීමක් කළහොත් ඔහුගේ මන්ත්‍රී පදවිය අහෝසි කළ හැක.
එසේම යම්කිසි පුද්ගලයෙක් තමන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට,එහි අසුන් ගැනීමට හෝ ඡන්දය දීමට නුසුදුසු බව දනිමින්ම නැතහොත් ඒ බව දැන ගැනීමට ප්‍රමාණවත් හේතු තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත් කරන ලද අවස්ථාවේදී එසේ තෝරා පත්කරනු ලැබීමට සුදුසුකම් නොමැතිව සිටි නමුත් එසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තෝරාපත් කරගනු ලැබ පාර්ලිමේන්තුවේ අසුන් ගතහොත් හෝ පාර්ලිමේන්තුවේදී ඡන්දය ලබා දුනහොත් එසේ අසුන් ගන්නා වූ හෝ ඡන්දය දෙන්නා වූ එක් එක් දිනයක් සඳහා රුපියල් පන්සියයක මුදලක් ,නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා රජයට අය විය යුතු ණය මුදලක් සේ ඔහුගෙන් අය කර ගත යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 100 වගන්තියේ දක්වා ඇත.
මානසික රෝගයක් ඇති තැනැත්තෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්විය හැකිද ?
මානසික රෝග යනු කායික රෝග වගේම මනසට ඇතිවන රෝගයන් වේ.ඖෂධ වලින් මේවා බොහොමයක් නිසි පරිදි පාලනය කර ගැනීමේ හැකියාව ඇත.එවන් පුද්ගලයෙකුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරීමට නොහැකි බවක් නීතියේ සඳහන් නොවේ.
නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (ඇ ) වගන්තිය යටතේ සිහි විකල් වූ තැනැත්තකු ලෙස ශ්‍රී ලංකාවේ බලපවත්නා යම් කිසි නීතියක් යටතේ තීරණය කරනු ලැබ සිටී නම් හෝ විනිශ්චය කරනු ලැබ සිටී නම් එම තැනැත්තා මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බව එම වගන්තිය සමග කියවිය යුතු 91(1)(අ) වගන්තියේ දැක්වේ.
වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ
නීති වෛද්‍ය නිලධාරී
ජාතික රෝහල මහනුවර.