රට ගොඩ ගත් ජනපති රනිල්ට සහාය දෙනවා

තමන්ට පොහොට්ටුවෙන් කෙණෙහිලිකම් සිදුවන මුත් එය මුල් කොට පක්ෂය විවේචනය නොකරන තමන්ද ඉදිරියේදී ‌ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහාය දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පවසයි.තමන් වසර ගණනාවක් පුරා වාමාංශික දේශපාලනය කළ මුත් පසුගිය කාලය තුළ රට වැටී තිබූ තැනින් ගොඩ ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට තිබූ සුවිශේෂ හැකියාව අන් කිසිවකුටත් නොතිබුණු බැවින් පක්ෂ පාට අමතක කළ යුතු කාලය පැමිණ ඇතැයි ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පවසයි.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාක්ෂිකයන් වැඩි දෙනකු ද කියා සිටින්නේ ජනාධිපතිවරයාට මේ අවස්ථාවේදී සහාය ලබා දිය යුතු බව කී ඒ මහතා කයිවාරු කාරයන්ගේ ‌අත්හදා බැලීම්වලට ජනතාව නැවත රැවටිය යුතු නැති බවද කියා සිටියි.

කාලීන පුවත්