රට පුරා හොර සල්ලි වැහි වහී

දිවයින පුරා ව්‍යාජ මුදල් නෝට්ටු විශාල වශයෙන් සංසරණය වෙමින් පවතින හෙයින් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම් දෙයි. සැක කටයුතු මුදල් නෝටිටුවක් ලැබුණහොත් ආරක්‍ෂිත සලකුණ කෙරෙහි විමසිලිමත් වී එය රදවාගන්නැයි මහ බැංකුව ජනාවට දැනුම් දෙයි.. එම නෝට්ටුව රැගෙන පැමිණි පුද්ගලයා ඔහුගේ බාහිර පෙනුම. වාහනයකින් පැමිණයේ නම් ඒ පිළිබඳ විස්තර නෝට්ටුවේ වටිනාකම හා අනුක්‍රමික අංකය යන තොරතුරු සටහන් කරගෙන ළගම ඇති පොලිසියට දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කෙරේ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් ඒකකයට දුරකථන අංක 0112 422 176 හෝ 0112 326 670 මගින්ද එම තොරතුරු දැනුම් දිය හැකිය. ව්‍යාජ මුදල් නෝට්ටු ළග තබාගැනීම. පරිහරණය හා මුද්‍රණය නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදකි.

කාලීන පුවත්