රට ආර්ථික බංකොලොත් භාවයට පත් කළ පුද්ගලයන් නීතිමය වශයෙන් පෙන්වා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඓතිහාසික තීන්දුවක් ලබා දී ඇති බවත් මේ නිසාවෙන් රටක් බංකොලොත් කළ පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ මොහොතේ විසුරුවා හැර වරදකරුවන් වූ පුද්ගලයන් අවභාවිතා කරමින් සිටින රාජ්‍ය දේපල පවරා ගතයුතු බවත් එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.මන්ත්‍රී වරයා ඒ බව කියා සිටියේ, ආර්ථික බංකොලොත් භාවයට පත්කළ පුද්ගලයන් ලෙස රාජපක්ෂවරුන් හා අනෙක් පිරිස නම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් 14 දා දුන් තීන්දුව පිළිබඳව අදහස් දක්වමිනි..”ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇත්තේ ඓතිහාසික තීන්දුවක්. එදා 2018 දෙසැම්බර් මාසයේදී දින 52 කුමන්ත්‍රණය පරාජය කිරීමට දුන් නිර්භීත, යුක්ති සහගත තීන්දුවෙන් පස්සේ ලැබිච්ච අතිශය යුක්තිසහගත තීන්දුවක්. විශේෂයෙන්ම මේ රටේ පාගා පීඩාවට පත්කරන ලද ජනතාව, ආර්ථික අතින් අනාථ කරනු ලැබූ ජනතාවට ආර්ථික, යුක්තිය ඉටු කිරීමේ පළමු පියවර, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තබා තැබීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට අපගේ ගෞරවනීය ප්‍රණාමය පිරිනමනවා.ඒ වගේම මෙතනින් පස්සේ තවදුරටත් මේ බංකොලොත්භාවයට අපි වග කිවයුතු නැහැ. බංකොලොත්භාවය ප්‍රකාශ කළ අය තමයි වගකියන්න ඕනේ. ඒ වගේම මේ ජීවන බරට වගකියන්න ඕන නැහැ අපි. මේ විදුලි බිලට වගකියන්න ඕනේ නැහැ අපි. මේ ජල බිලට වගකියන්න ඕනේ නැහැ. අපි. මේ තෙල් බිලට වග කියන්න ඕනේ නැහැ. අපි ආදී වශයෙන් කියමින් රට වටා තවදුරටත් ප්‍රෝඩාව පතුරවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින්ට කිසිම අයිතියක් නැහැ” යනුවෙන් ද එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා කීය.