රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් කර ඇති පුද්ගලයන්ගේ දේපළ පිළිබඳව සොයා බලා ඒවා රාජසන්තක කළ යුතු බවත් එම මුදල් මෙරට ආර්ථික සංවර්ධනයට සේම ශ්‍රී ලංකාවේ ණය ගෙවා දැමීමට යොදා ගත හැකි බවත් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය, රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු හා පුද්ගලයන් හත් දෙනෙකු මෙරට ආර්ථිකය බිඳ වැටීමට වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළකරමින් ඇය මේ බව පවසයි.මේ අතර එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත පදනම් ව එම හත් දෙනාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවටත් විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට යෝජනා කර තිබේ.