රට බංකොලොත් වන කතා බොරු

බංකොලොත් වන තත්වයට රට පත්ව ඇති බවට විවිධ පාර්ශ්ව එල්ල කරන චෝදනා වල කිසිදු සත්‍යයක් නොමැති බවත් රට එවැනි කිසිදු අවදානමකට මුහුණ පා නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි.

ඔහු වැඩි දුරටත් පවසනුයේ 2020 වසරේදී ද මෙවැනි අවදානමක් පිළිබඳව ඇතැමුන් අනතුරු අඟවා තිබූ නමුත් මේ දක්වා එවැනි තත්වයක් ඇති වී නොමැති බවකි.

මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන ‘2022 ශ්‍රී ලංකා ආර්ථිකය: අභියෝග හා විසඳුම්’ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මේ වන විට විදෙස් ණය ගෙවීම ද ස්ථාවර වී ඇති බවත් ණය ගෙවා දැමීමේ කිසිදු අපහසුතාවයක් නොමැති බවත් කබ්රාල් මහතා සඳහන් කරයි.

2021 වසර ආරම්භය වනවිට අප සතුව පැවති සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 05 පමණක් වූ නමුත් වසර අවසන් වන විට බිලියන 06 ක ණය වාරික පියවීමට සමත් වූ බව සඳහන් කරන මහ බැංකු අධිපති වරයා එය යහපත් තත්වයක් බව ද කීය.

කාලීන පුවත්