සියයට 18 වැට් බද්ද හේතුවෙන් ආනයනික බිත්තරයක මිලද රුපියල් 8කින් ඉහළ දමා තිබේ. ඒ අනුව රුපියල් 35ක්ව පැවති ආනයනික බිත්තරයක මිල රුපියල් 43ක් වේ. ජනවාරි මාසයට අවශ්‍ය බිත්තර තොග පසුගිය 10 වැනිදා මෙරටට ලැබීමට නියමිතව තිබුණද ඒවායේ ඇති වූ ප්‍රමාදයත් සමග බිත්තර හිඟයක් වෙළෙඳ පොළේ ඇති විණි.
මෙම සතිය තුළදී ඉන්දියාවේ සිට බිත්තර මිලියන 15ක තොගයක් මෙරටට ආනයනය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පැවසීය.
වැට් බද්ද ඉහළ යාම නිසා ලංකා සතොස විසින් ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර මිල ඉහළ දැමීමත් සමග කුකුළු ගොවිපොළ හිමියන්ද බිත්තරයක තොග මිල රුපියල් තුනකින් ඉහළ දමා ඇතැයි බිත්තර වෙළෙන්දෝ කියා සිටිති.