මේ වන විට රට බංකොලොත් වීම පිළිබඳව විශ්ලේෂණයන් විවිධ මට්ටම්වල විවිධ පුද්ගලයන් විසින් සිදු කරනු ලැබ ඇත.ඒ බොහෝ විශ්ලේෂණයන් ආර්ථික විද්‍යාව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති කලමනාකරණය,මූල්‍ය කලමණාකරණය ආදී විෂය ක්ෂේත්‍ර වල ප්‍රවීණයන් බුද්ධිමතුන් ආදීන් විසින් සිදුකරනු ලැබ බොහෝ සාකච්ඡාවන්ට සම්මන්ත්‍රණයන්ට භාජනය වන්නට ද ඇත. එසේ වුව ද රට බංකොලොත් වීමට හේතූ වූ කරුණු සරලව ජනගත කිරීමක් මේ පිළිබඳව අධ්යයන්යන් සිදු කළ විෂය ප්‍රවීණයන්ගෙන් සිදුවුණේ නැත.මේ නිසාම එසේ වුණේ ඇයි? යන්න සාමාන්‍ය ජනතාවට එතරම් හොඳට තේරුම් ගොස් ද නැත. සාමාන්‍යයෙන් අතීතයේ දී නම් එහෙම තේරුම් ගන්න බැරි දෙයක් සිදු වූ විට ඒවා දෙවියකුගේ හෝ භූතයෙකුගේ ක්‍රියාවක් ලෙස පෙන්වා දී සැනසීමට මහජනතාව පුරුදුව සිටියෝය.නූතන විද්‍යාත්මක චින්තනය නිසා එය එසේ පැහැදිලි කර සිත සනසා ගැනීමට නොහැකි බැවින් මේ සඳහා ඔවුහු කුමක් හෝ තමන්ට තේරෙන හේතු ඉදිරිපත් කිරීමක් අපේක්ෂා කළහ.මෙන්න මේ පොදු ජන අවශ්‍යතාවය සම්පූර්ණ කළේ විපක්ෂ දේශපාලන බලවේගයකිනි.රට බංකොලොත් වීමට ඔවුන් ඉදිරිපත් කළ හේතුව දෙකේ පන්තියේ පොඩි එකෙකුට පවා තේරුම් යන තරමට සරල ය; තේරුම් ගැනීමට පහසු ය. අනික එය ජනතාවට පහසුවෙන් විශ්වාස කළ හැකි එකකි.එමෙන්ම දේශපාලන ව්‍යාපාරයක් විසින් ගොඩ නැගූ ආකර්ෂනීයම හේතු පාඨය බවට ද එය පත්ව තිබේ .එනම් “රට වැටුණේ හොරකම නිසා”ය යන්නයි.
හොරකම යනුවෙන් හඳුන්වන ක්‍රියාව නිවසක සිට ඉහළට සමාජයේ සෑම තැනකම සිදුවීමේ සම්භාවිතාවක් සහිත ක්‍රියාවකි.නිවසක සාමාජිකයින් අතරේ පවා මේ ක්‍රියාව සිදු වේ. කුඩා කළ බොහෝ ළමුන් අතින් සිදුවන සීනි බෝතලයෙන් සීනි හොරෙන් කෑම මෙයට ඇති හොඳම උදාහරණයකි. නිවසින් එළියේදී ගමේ නගරයේ දී, තමන් සේවය කරන ස්ථානවල සොරකම් නිතර සිදු වේ. අප කුඩා අවධියේ පැවති සරල ග්‍රාමීය සමාජය තුළ හොරකම සැලකුණේ නීච නින්දිත ක්‍රියාවක් ලෙස ය.එසේ වුවද එකල ද හොරකම් සිදු විය.
හොරකම යනුවෙන් හඳුන්වන ක්‍රියාව නිවසක සිට ඉහළට සමාජයේ සෑම තැනකම සිදුවීමේ සම්භාවිතාවක් සහිත ක්‍රියාවකි.නිවසක සාමාජිකයින් අතරේ පවා මේ ක්‍රියාව සිදු වේ. කුඩා කළ බොහෝ ළමුන් අතින් සිදුවන සීනි බෝතලයෙන් සීනි හොරෙන් කෑම මෙයට ඇති හොඳම උදාහරණයකි. නිවසින් එළියේදී ගමේ නගරයේ දී, තමන් සේවය කරන ස්ථානවල සොරකම් නිතර සිදු වේ. අප කුඩා අවධියේ පැවති සරල ග්‍රාමීය සමාජය තුළ හොරකම සැලකුණේ නීච නින්දිත ක්‍රියාවක් ලෙස ය.එසේ වුවද එකල ද හොරකම් සිදු විය.අද මෙන් මිල මුදල් නොතිබුණු එකල බොහෝ විට හොරකම් කලේ කෘෂි අස්වැන්නට සම්බන්ධ දේවල් ය.ගමේ සිදුවූ හොරකම් වලින් හරක් හොරකම බරපතලම හොරකම විය.ඊට අමතරව කුකුළු සොරකම හොරට කෙසෙල් කැන් කැපීම නිතර සිදු විය.හොර පොල් කැඩීම ද ප්‍රධාන සොරකම් අතරට ගැනිණ.ඒ අතර මංඤ්ඤොක්කා පඳුරක් දෙකක් උදුරා ගැනීම සුලු හොරකමක් විය.ගම්වල හරක් හොරකම බොහෝ විට ගම් වල ඉන්නා හරක් අයිති කාරයන් අතර සිය බල පරාක්‍රමය පෙන්වීමේ ක්‍රමයක් බවට ද පත්ව තිබුණි.එම නිසාම එම හොරකම ඇතැම් විටක කලින්ම දැනුම් දී අභියෝග කර කරන ක්‍රියාවක් බවට ද පත්ව තිබුණි..
නූතන සමාජ දියුණුවත් සමඟ ඔය කියන හොරකම ද දියුණු ය. විශේෂයෙන් ධනය නැත්නම් මුදල් ප්‍රමුඛස්ථානයට පත්වන විට හොරකමේ ක්‍රමවේද ද දියුණු විය.අතීතයේ හොරකම ලෙස දැන සිටියේ තමන්ගේ නොවන අනුන්ගේ දෙයක් හිමිකරුට නොදන්වා වංචනිකව තමන් සතු කර ගැනීම සඳහා තම භාරයට පත්කර ගැනීමයි.නූතන සමාජ ආර්ථික දියුණුවත් සමග සොරකම යන්න ඊට වඩා පුලුල් අර්ථ දැක්වීමකට අයත් දෙයක් බවට පත්විය .ඒ අනුව මේ සිදු වන්නේ හොරකම යනුවෙන් හඳුන්වන සරල ක්‍රියාව යැයි හඳුනා ගත නොහැකි ලෙස හොරකමේ ව්‍යුහය පූළුල් ව තිබේ. උදාහරණයක් ලෙස රජයේ කාර්යාලයක සේවය කරන අය නියමිත පැය අට තුළ හරිහැටි සේවය නොකර අතිකාල සේවයේ යෙදී දීමනා ලබා ගැනීම, රජයේ අවශ්‍යතාවන් සඳහා කරන මිල දී ගැනීම්වලදී කොමිස් වැනි යම් යම් අතිරේක වාසි ලැබීම,රජයේ සේවයට පැමිණ සේවා කාලය තුළ සේවය වෙනුවට තමන්ගේ පුද්ගලික කටයුතු කර ගැනීම, රජයේ වාහන උපකරණ සම්පත් නිල නිවාස ආදිය අවභාවිතා කිරීම රාජ්‍ය ව්‍යාපෘති වලින් කොමිස් ලැබීම තමන්ගෙන් රාජකාරීමය වශයෙන් ඉටු විය යුතු කාර්යන් කිරීම සඳහා සේවා දායකයින්ගෙන් මුදල් ගැනීම ආදී දේ හොරකම්දැයි එකවර නොසිතෙන හොරකම් ය.රජයෙන් අරමුදල් සැපයෙන ව්‍යාපෘතියක් වැඩි වියදමක් පෙන්වන;ලෙස ඇස්තමේන්තුකර කොන්ත්‍රාත්කරුට වාසියක් සලසා දී එයින් යම් ප්‍රති ලාභයක් ලැබීමත් රජයේ ටෙන්ඩරයක් යම් පුද්ගලයෙකුට ලබාදීමට මුදලක් ගැනීමත් ගෙවීම් වවුචරය සකසාදී සේවාදයකයාගෙන් මුදලක් ගැනීමත වවුචරය අනුමත කිරීම සහතික කිරීම චෙක් එක ලිවීම ආදී කටයුතු සඳහා සේවාදායකයාගෙන් මුදල් හෝ වාසි ලබාගැනීම ඔය ගණයේම හොරකම් ය.මේ අනුව රජයේ කාර්යලයකදී මහජනතාවට අත්දකින්නට ලැබෙන බොහෝ දේවල් හොරකම් ගණයට අයත් වෙන දේවල් බව කිව හැකි ය.
ඉහත විස්තර කළේ රාජ්‍ය හා සම්බන්ධ සාමාන්‍ය මට්ටමේ හොරකම් ය ජාතික මට්ටම, අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු මටමින් වන හොරකම් ඊට වඩා විශාල ය.ඒවා බොහෝ විට රජයට සපයන භාණ්ඩ හෝ සේවාවන්ට අදාලව ය. රජයට කිසියම් සේවාවක් භාණ්ඩයක් හෝ ද්‍රවයයක් ලබා ගන්නේ බොහෝ දුරට ජ්‍යාත්‍යන්තර ටෙන්ඩර්වලිනි. මේ ක්‍රියාවලියේදී බොහෝ විට කොමිස් මුදල් ලබා ගැනීම් කරති.එය පිරිවිතර සකසන අවස්ථාවෙස් සිට මිලදී ගැනීම් කර ගෙවීම් කරන අවස්ථාව දක්වා සෑම අදියරකදීම පාහේ සිදුවිය හැකිය.ඒවායේ ගනුදෙනු සිදුවන්නේ ද බොහෝවිට පිටරටකදී ය මේවා මහා පරිමානයේ හොරකම් ය .ඇතැම් රටවල්ණය ලබා දෙන්නේ ව්‍යාපෘති සඳහා ය. එහිදී ව්‍යාපෘතිය අනුමත කිරීම ණය මුදල ගැනීමේ අනුමැතිය දීම ආදියට කොමිස් මුදල් හුවමාරු වේ.ඒ සියල්ල අප කථා කරන නව මාදිලියේ හොරකම් ගණයට අයත් වේ. ඒවාට සම්බන්ධ වෙන්නේ ඉහළ රාජ්‍ය නිලධාරීන් හා දේශපාලකයන් ය.
ඊළඟට රටේ ජනතාව හොරකම කරන අන්දම මෙසේ ය. දිළිඳුම අයට සහන ලබාදීමේ දී රජය මහජනතාවගෙන් තොරතුරු කැඳවයි.මේ තොරතුරු වලට සත්‍ය වාර්තා කරන්නේ ඉතාම අඩුවෙනි.වැඩි දෙනෙක් බලන්නේ අසත්‍ය තොරතුරු ලබා දී දිළිඳු අයට දෙන සහනය තමන්ට ලබාගන්න ය.පොහොර රුපියල් 350/=ට සහන මිලකට ලබාදුන් කාලයේ තමන්ට රජය ලබා දුන් පොහොරවල අතිරික්තය රුපියල්1000/=ට පෞද්ගලික ව්‍යපාරිකයින්ට විකුණා මුදල් ගත් ගොවියෝ බොහෝ සිටියහ.ඒවා සංවිධනය කර දුන්නේ ගොවි සංගම්වල ප්රගතිශීලී නායකයින් ය .ප්‍රජා සංවිධාන වලට ටෙන්ඩර් නොකර සුලු පරිමාන රජයේ කොන්ත්‍රාත් ලබාදෙන්නේ ද ඒ ප්‍රජා සංවිධාන ශක්තිමත් කිරීමට කියා ය.එසේ තම සංවිධනය වෙත ලබාදෙන කොන්ත්‍රාත් සංවිධානයට 5%,ක් හා අත යටින් තමන්ටත් වෙනම මුදලක් එනලෙසට කොන්ත්‍රාත් කරුවන්ට විකුණන්නේ ප්‍රජා සංවිධාන නායකයෝ ය. පාසලට ළමුන් ඇතුලු කිරීමට හොර පදිංචිය හදා හොරට ඔප්පු ලියා ළමයා පාසල අසල පදිංචි බවට බොරු කරුණු පෙන්වන්නේ දෙමව්පියන් ය. ගංවතුරක් පැමිණි විට බොරුවට තමන්ගේ ගේ යටවී හානි වූ බව කියා රජයේ ආධාර ගන්නට නොපැකිලව ඉදිරිපත් වන්නේ මහජනතාව ය. නොදුන්නොත් ඒ අය එකතුකරගෙන උද්ෂඝෝණ කරන්නේ ගමේ මහජන නියෝජිතයා ය. ඒ මේ රටේ මහජනතාවගේ චෞර ක්‍රියා කාරකම් ය.
ඉහත විස්තර කළ පරිදි සාමාන්‍ය ජනතාව, ප්‍රජා නායකයන්, රජයේ සේවකයින්, ජාතික මට්ටමේ දේශපාලකයන්, ඉහල නිලධාරීන් යන කොයි කවුරුත් පාහේ ඉඩක් ලැබෙන්නේ නම් තමන්ගේ වාසියට හොරකමයැයි කියා පොදුවේ හදුන්වන දේ කිරීමට පසුබට වෙන්නේ නැත.එසේ නොකරනුයේ දාහකින් එකෙකි.ඒ නිසා රට වැටුණේ හොරකම නිසා නම් මීට බොහෝ කලකට පෙර රට හතර ගාතෙන්ම වැටී තිබිය යුතු ය .මක් නිසා ද ඔය ඉහත විස්තර කළ හොරකම් සංස්කෘතියට දැන් අවුරුදු පනහකට ආසන්න නිසාය.
එසේනම් රට වැටුණේ වෙනත් හේතුවක් නිසා විය යුතු ය.
අපිට දැනුණු හැටියට රට වැටුණේ එකි`නෙකට බැඳී තිබෙන කරුණු දෙකක් නිසා ය එකක් වනුයේ රටට ඕනෑකරන දේවල් පිටරටින් ගෙන්වන්න බැරිවීම ය . මේ අන්දමින් අවශ්‍ය දේවල් ගෙන්වන්න බැරිවුණේ විදෙස්ශ විනිමය ලෙස ඇමරිකානු ඩොලර් අපේ රටේ නැතිවුණු නිසා ය . රටට ඩොලර් ලැබෙන්නේ අපි පිටරටට බඩු විකුණා ගන්න ආදායම, සංචාරකයින් මෙරටට ඇවිත් වියදම් කරන මුදල්, විදේශගතව ඉන්න අපේ අය මෙරටට එවන ඔවුන්ගේ ඉපයීම් ආදියෙන් ය.දීර්ඝ කාලයක් තිස්සේ අපිට ලැබෙන ඩොලර් ආදායමට වැඩිය ඩොලර් වැය කර ගෙන්වන දේවල් ගෙන්වීමට අපේ රටට සිදුවිය.විවිධ ක්‍රම ඔස්සේ ලැබෙන විදේශ විනිමයට වැඩිය වියදම් කර විදේශයන්ගෙන් භාණ්ඩ හා සේවා ගෙන්වද්දී ඇතිවුණු හිඟය පියෙව්වේ පිටරටින් ලැබෙන ණය යොදා ගනිමිනි.මේ හිඟය පියවීමට කියා රටකට ණය ගන්නට ඉඩක් නැත.විදේශ වලින් ණය ගන්නට අවශ්‍ය කාරණා අපේ රට ඇතුලේ අනන්තවත් නිර්මාණය වී ඇත. ඒ අපේ මහජනතාව ගේ ඉල්ලීම් නිසා ය.විවෘත ආර්ථිකයත් සමඟ අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සදහා අප ණය ලබාගත් ලෝක බැංකුව, ආසියනු සංවර්ධන බැංකුව ආදී සංවිධානත් ජපානය, බ්‍රිතාන්‍යය චීනය වැනි දියුණු රටවලුත් විය. ඔවුන් සතු අතිරික්ත මුදල් අප වැනි රටවල ව්‍යපෘති සඳහා ණය ලෙස ලබා දුන්නේ නොමසුරුව ය.අපේ ජනතාව මුලින්ම ඉල්ලා සිටියේ විදුලි බලයයි. විදුලිය බෙදා හැරීම් ජාලය හා බලාගාර ඉදිකිරීමට ණය ගැනීමට හැකි වූ බැවින් ආණ්ඩු කළේ පිටරට වලින් ණයට ඩොලර් ගෙන ජනතා ඉල්ලීම අනුව විදුලිය දීම ය.සෙසු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ණය දෙන්නට ලෝකය සැදී පැහැදී සිටියේය අපිත් ඒ ණය අරගෙන ඒ වැඩ කර ගත්තෙමු .ඔය ණය බර කෙමෙන් වැඩිවෙන විට අපේ වාර්ෂික විදේශ විනිමය අවශ්‍යතාවයට තවත් කරුණක් එකතු විය ඒ අවුරුද්දට නියමිත ණය වාරික ආපසු ගෙවීමට ද ඩොලර් අවශ්‍ය වීම ය. රජයේ ගොඩනැගිලි, මාර්ග පද්ධතිය, පානීය ජලව්යපෘති නවීන සෞඛ්‍ය පහසුකම් රෝහල් සංකිර්ණ ආදී බොහෝ අවශ්‍යතා සඳහා ජනතා ඉල්ලීම් ඉදිරිපත් වූ අතර පාලකයෝ ද විදේශ ණය ලබාගෙන ඒවා සම්පූර්ණ කළහ. මහජනතාව ද රට සංවර්ධනය වෙනවායැයි සතුටු වූහ.කොටින්ම පාලකයින්ගේ කාර්යක්ෂමතාව මනින මහජන මිනුම වුණේ සංවර්ධන ව්‍යාපෘති කිරීම ය.පාලකයින් ද ඒ සංවර්ධනය සිදුකරද්දී මුල දී විස්තර කළ හොරකම් ඒවායින් කරගෙන සතුටු වූයේ “බණ කිය කියා දුම් මැස්ස අත ගෑමේ” න්‍යායට ය.ගම් මට්ටම දක්වාම සංවර්ධන ව්‍යපෘති වලින් කලින් කී සොරකම් කර ගැනීමට පුරුදු වූ අය සාමාන්‍ය සමාජයෙන් ඉලිප්පී පෙනුණු අතර සාමාන්‍ය ජනතාව තම ඡන්දය නොමසුරුව ලබාදුන්නේ ද වැඩියෙන්ම ණය අරගෙන වැඩියෙන් ව්‍යාපෘති කරන අයට ය.ඔය අතර අවුරුදු තිහක යුද්ධයට අවශ්‍ය මානව සම්පත හැර බොහෝ භෞතික සම්පත් ගන්නට වුණේ විදේශවලින් ණයට ය.ණය බර වැඩිවෙත්ම ආපසු ගෙවීමට ඕනෑ ඩොලර් ප්‍රමාණය ද කෙමෙන් කෙමෙන් වාර්ෂිකව ඉහළ නැංවිණි.
රාජ්‍යය සේවය තුන්ගුණයකින් වැඩි කරමින් රාජ්‍ය සේවය තර කරවා ගත්තේ ද මහ ජනතාවමය. ආණ්ඩුව ගත් ණය ගෙවන්න ආදායම් ලබා ගැනීමට බදු පනවනවාට එරෙහි වුණේ ජනතාව හා විරුද්ධ දේශපාලන පක්ෂය. ඔය සියල්ලෙන්ම රට ඇතුලේ ආදායමට වඩා දෙගුණයකටත් වඩා වියදම් කර ණය මගින් ඒවා පිය වන අයවැය ලේඛන සැකසිණි. ඒවායින් පොඩි මිනිහාගේ සහන කියා සමෘද්ධිය, ආබාධිත, වැඩිහිටි ක්ෂය රෝග, වකුගඩු රෝග ආදී මෙකී නොකී ආධාරත් රාජ්‍ය සේවා වැටුප් වැඩි කිරීමත් ක්‍රියාත්මක කෙරිණ.මේ සේරම පියෙව්වේ විදේශ ණය වලිනි.කොටින්ම ජනතාවත් විරුද්ධ දේශපාලන පක්ෂත් පාලකයිනුත් කවුරුත් ණයට ගෙන සාජ්ජ දම දමා ප්රීතිවුණා මිස ණය ගෙවන්න ආදායම් රට තුළින්ම හොයා ගතයුතු යැයි කවුරුත් හිතුවේ නැත. අන්තිමේදී ණය බරින් හොට බිම ඇනී තිබූ රටේ බදු තවත් අඩුකර මැජික් පෙන්නන්නට ඡන්දයෙන් පත්වුණු වැඩ කරන විරුවෙක් හිතුවක්කාර තීරණයක් ගත්තේය.එයින් ආදායම වියදමෙන් හතරෙන් පංගුවට අඩු විය.පසුව මුන්ට ණය දෙන්න එපා ආපහු ගෙවන්න බෑ යැයි රේටින් ආයතන නිවේදනය කිරීමත් සමඟ එතෙක් ගත් ණය පියවීමට අළුත් ණය අරගෙන රෝල ගහමින් සිටි රට වයින් හිරවුණු ඔරලෝසුවක් මෙන් හිරවී නැවතුනේය.එවිට අන්න ඒකට රට වැටුණා යැයි මහා සමාජ ආන්දෝලනයක් ඇති විය.
ඒ අතර රට තුළින් මේ ණය ගෙවීමට රජය ආදායම් ඉපදවිය යුතු විය.තත්වය එය වුව ද ආදායම් හා ඉපයීම කෙසේ වෙතත් රාජ්‍ය සේවා සම්පාදනය සඳහා යන වියදමවත් අය කර ගැනීමටවත් ක්‍රමයක් නොවීය.ඉන්ධන මිල ඉහල නැංවූ විට මහජනයා දක්වන විරෝධය ආණ්ඩුවේ පැවැත්මේ අවසානය විය. ඒ නිසා ඉන්ධන අඩු මිලට දී පාඩුවට ආණ්ඩුව කරගැහුවේ ය. විදුලිය ගාස්තුව ද ජල ගාස්තුව ද බස්,දුම් රිය ගාස්තු ද එසේම යන වියදමට අඩුවෙන් අයකර ජනතාවට සහන ලබා දීමට ආණ්ඩු වලට සිදු විය .පසුව ඒවා තවදුරටත් පාඩුවට පවත්වාගෙන යාමට බැරි නිසා ඒ සේවා පුද්ගලිකරණය කළ යුතු බව ඉඳහිට හෝ යමෙක් පෙන්වා දුන් විට ජාතික සම්පත් විකිණීම යන චෝදනාව මත ජනතාව ඔහුට බලය දුන්නේ නැත. ඒ ජාතික සම්පත් විකුණගෙන කනවා යන්න අද ද දේශපාලනනඥයන්ට සුපිරිම බයිට් එකකි.ඒ අතර ජනතාව තම තමන්ගේ දූ දරුවන්ට රැකියාව අපේක්ෂා කළේ ආණ්ඩුවෙනි.. විරුද්ධ දේශපාලන පක්ෂ සියලු උපාධිධාරීන් රාජ්‍ය සේවෙටම ගනු කියා සත්යග්රහ කළෝය පාගමන් උද්ෂඝෝණ කළෝය.ඒ අනුව රාජ්‍යය සේවය තුන්ගුණයකින් වැඩි කරමින් රාජ්‍ය සේවය තර කරවා ගත්තේ ද මහ ජනතාවමය. ආණ්ඩුව ගත් ණය ගෙවන්න ආදායම් ලබා ගැනීමට බදු පනවනවාට එරෙහි වුණේ ජනතාව හා විරුද්ධ දේශපාලන පක්ෂය. ඔය සියල්ලෙන්ම රට ඇතුලේ ආදායමට වඩා දෙගුණයකටත් වඩා වියදම් කර ණය මගින් ඒවා පිය වන අයවැය ලේඛන සැකසිණි. ඒවායින් පොඩි මිනිහාගේ සහන කියා සමෘද්ධිය, ආබාධිත, වැඩිහිටි ක්ෂය රෝග, වකුගඩු රෝග ආදී මෙකී නොකී ආධාරත් රාජ්‍ය සේවා වැටුප් වැඩි කිරීමත් ක්‍රියාත්මක කෙරිණ.මේ සේරම පියෙව්වේ විදේශ ණය වලිනි.කොටින්ම ජනතාවත් විරුද්ධ දේශපාලන පක්ෂත් පාලකයිනුත් කවුරුත් ණයට ගෙන සාජ්ජ දම දමා ප්රීතිවුණා මිස ණය ගෙවන්න ආදායම් රට තුළින්ම හොයා ගතයුතු යැයි කවුරුත් හිතුවේ නැත. අන්තිමේදී ණය බරින් හොට බිම ඇනී තිබූ රටේ බදු තවත් අඩුකර මැජික් පෙන්නන්නට ඡන්දයෙන් පත්වුණු වැඩ කරන විරුවෙක් හිතුවක්කාර තීරණයක් ගත්තේය.එයින් ආදායම වියදමෙන් හතරෙන් පංගුවට අඩු විය.පසුව මුන්ට ණය දෙන්න එපා ආපහු ගෙවන්න බෑ යැයි රේටින් ආයතන නිවේදනය කිරීමත් සමඟ එතෙක් ගත් ණය පියවීමට අළුත් ණය අරගෙන රෝල ගහමින් සිටි රට වයින් හිරවුණු ඔරලෝසුවක් මෙන් හිරවී නැවතුනේය.එවිට අන්න ඒකට රට වැටුණා යැයි මහා සමාජ ආන්දෝලනයක් ඇති විය.
මේකට වගකිවයුත්තේ දෙසිය විසි පහ පමණක් නොවේ වියදම නොගවා අඩු මිලට සේවය ගත්, බදු වැඩි කරන්න ඉඩ නොදී ණයට කෑ, තමන්ගේ එවුන් ආණ්ඩුවේ කාර්යාල වල රැකියාවට ඇතුල්කර ආණ්ඩුවේ වියදමින් පඩි අරගෙන දුන් ,සහනාධාර බොරුවට ගත් ,ණය වල පිහිටෙන් තනාගත් අධිසුඛෝපභෝගී කාර්යාල පහසුකම් භුක්ති විඳි රාජ්‍ය සේවකයින් ඇතුලු හුදී ජන හැම දෙනාමත් දෙසිය විසිපහ සේම මේවාට වග උත්තර කරුවෝ ය.
මේ සියල්ල හංගාගෙන ආපහු බදු අඩු කරන්නම් අඩු මිලට කන්න දෙන්නම් ආණ්ඩුවේ රස්සා දෙන්නම් විදුලියට ඉන්ධන අඩු මිලට දෙන්නම් පොහොර සහනාධාර දෙන්නම් ණය කපන්නම් ඕන තරම් නිකම්ම ණයදෙන්නම් කිය කියා බලය ඉල්ලන අය පෙන්වන්නේ රට වැටුණේ හොරකම නිසා කියා ය.ඔවුන් කියන්නේ අපි ආවහම හොරු අල්ලන්නවා හොරු ඇල්ලුවම රට ගොඩ යනවා කියා ය.රට ගොඩ ගන්න නම් ගත්තු ණය ගෙවන්නට හම්බු කළ යුත්තේ අපිම බවත් නොමිලේ හෝ අඩුමිලට ගත්තොත් පොලියත් එක්ක පස්සේ ගෙවන්න වෙන්නේත් අපිටම බවත් රාජ්‍ය සේවය පුරවාගෙන ඒකෙන් පඩි අරගෙන නඩත්තු වුනොත් හොම්බෙන් යන්න වෙන්නේ ද අපිටම බවත් ජනතාව තේරුම් ගත්තොත් නම් රට ගොඩ යවන පොටක් පාදාගත හැකිය.නැතිනම් ඉතින් කාටත් අනිච්චාවත සංඛාරාම ය.
සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති