‘රට විනාශයි – බේරාගමු’ විරෝධතාව අද කොළඹ දී

රට විනාශයි – බේරාගමු විරෝධතාව කොළඹ දී රට විනාශයි – බේරාගමු යන තේමාව ඔස්සේ දරාගත නොහැකි ජීවන වියදමට සාධනීය විසඳුමක් ලබා දෙන්නැයි රජයට බල කරන දැවැන්ත විරෝධතාවක් අද(15)පස්වරුවේ කොළඹදී පැවැත්වේ.එය සංවිධානය කරන්නේ සමගි ජන බලවේගයයි.විරෝධතාවයට සහභාගි වීමට මේ වන විටත් දිවයිනේ නන් දෙසින් ජනතාව කොළඹට පැමිණෙමින් සිටින අතර සමගි සේවක සංගමය, සමගි වනිතා බලවේගය, සිවිල් සංවිධාන සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටිති.නමුදු මෙම විරෝධතාව සඳහා බස් රථ මඟින් අගනුවරට පැමිණෙන පිරිස් වලට මෙවර පොලීසිය මඟින් බාධා කිරීමේ සිදුවීම් මෙතෙක් වාර්තා වී නැත.

කාලීන පුවත්