රටවල් හතක සංචාරකයන්ට නොමිලේ වීසා

මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා රටවල් හතකට නොමිලේ වීසා ලබාදීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව ලැබුණු බව සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (26 ) දා පැවසීය.ඒ අනුව ඉන්දියාව, ඉන්දුනීසියාව, රුසියාව, චීනය, තායිලන්තය ඇතුළු රටවල් හතකින් එන සංචාරකයන්ට එම සහනය ලබාදීම සිදු කරන බවත් ඒ සමඟම තවත් රටවල් 60කට නොමිලේ වීසා ලබාදීමේ තීරණය ගැනීමට කමිටුවක් පත් කළ බවත් ඇමැතිවරයා කීය.

කාලීන පුවත්