රටේ ආර්ථික ගැටළු විසඳන්න කෘෂිකර්මය කෙරෙහි වැඩි අවධානයක්

රටේ ආර්ථික ගැටළු විසඳන්න කෘෂිකර්මය කෙරෙහි වැඩි අවධානයක් කෘෂි ආර්ථිකය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් රටේ ඉදිරි ආර්ථික ගැටලු විසඳීමට රජය පියවර ගනිමින් සිටින බවත් ඉදිරි මහකන්නයට අවශ්‍ය පොහොර කිසිදු ප්‍රමාදයකින් තොරව ගොවිජනතාවට ලබා දීමට පියවර ගෙන තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.එමෙන්ම මෙවර මහ කන්නය සාර්ථක කර ගැනීමෙන් රටේ ආර්ථික ගැටලු සමනය කර ගැනීමට හැකිවනු ඇතැයි ද ජනාධිපතිවරයා කීය.ජනාධිපති වරයා මෙම අදහස් පළ කළේ අද (20) පෙරවරුවේ අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව උන්වහන්සේ සමග පැවති සාකච්ඡාවේ දී ය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.එහිදී මහා සංඝරත්නය සෙත් පිරිත් සඡ්ඣායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළහ.

කාලීන පුවත්