රටේ කෘෂිකර්මය බිඳ වට්ටලා;මඤ්ඤොක්කා, කිරි අල කෑ යුතු කාලයක් එනවා

අප රටේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳ වට්ටා තිබෙන බැවින් ඉදිරියේ එළඹෙන ආහාර හිඟයට මුහුණ දීමට ලංකාවට කිසිදු ක්‍රමයක් නොමැති නිසා බවත්, හැම කෙනාම තමන්ට පුළුවන් අයුරින් වගා කටයුතු කිරීම කළ යුතු අතර තිබෙන පොහොර ප්‍රමාණයෙන් මඤ්ඤොක්කා, කිරි අල ආදිය වවාගෙන එක්දහස් නවසිය හැත්තෑව දශකයේ ජීවත් වූවා සේ ජනතාවට අමාරුවෙන් ජීවත් වන්නට සිදුවන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පැවසුවාය..රටින් මිදි, ඇපල් ආනයනය කිරීම පමණක් නොව අනවශ්‍ය ආකාරයෙන් උත්සව, සැමරීම් පැවැත්වීම නතර කළ යුතු බවත්, ආහාර නොමැතිව මිනිසුන්ට ඉදිරියේදී ජීවත්වීමට සිදුවන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා අංශයේ

මහාචාර්ය මෙත්තිකා විතානගේ පැවසුවාය.කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා මෙම ආහාර හිඟය පිළිබඳව කල් ඇතිව දැනගෙන සිටි බවත්, එසේ දැනුවත්ව සිටියදී ඔවුන් වැරදි තීරණ ගත් බවත්, සේවයෙන් ඉවත් වූ පසුව ඉදිරි ආහාර හිඟය පිළිබඳව කියා ඵලක් නොවන බවත් මහාචාර්යවරිය සඳහන් කළාය.

 

කාලීන පුවත්