රටේ ජනතාව සියලු දෙනා එකතු වී කොළඹ මාසයක් නැවතී හෝ රට තුළ පවත්නා දේශපාලන අර්බුදය විසඳාගත යුතු බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියයි.වැඩි දුරටත් අදහස් පළ කරන ඒ මහතා පවසනුයේ පසුගිය මාසයේ නව වෙනිදා කොළඹට පැමිණි ජන ගඟ මෙන් ජන ගඟක් ලබන නව වෙනිදා ද කොළඹට ඇදී එතැයි තමන් බලාපොරොත්තු වන බවකි. මේ ප්රශ්නයේදී රටේ සියලුම ජනතාව එකාවන්ව එක් රැස් විය යුතු බව පැවසූ ෆොන්සේකා මහතා ආණ්ඩුවේ මර්දනයට ජනතාව බියවිය යුතු නැතැයි ද පොලීසිය හෝ හමුදාව මේ ජන අරගලයට මැදිහත් නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ප්රකාශ කරයි.