රට තුළ පවත්නා වර්තමාන තත්වය පිළිබඳව කාකච්ඡා කිරීම පිණිස සියළුම පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් යුතු සර්ව පාක්ෂික හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) සවස 4ට පැවැත්වීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.මෙහි දී රට තුළ පවත්නා අර්බුද පිළිබඳ විවෘත සංවාදයකට එළැඹීමේ අවස්ථාව පක්ෂ නායකයන් හට හිමි වනු ඇත.