රත්නපුර මහ සමන් දේවාල නව බස්නායක නිලමේ එන පෙර මඟට ඇත් දළ හරස් කළා වත් ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

සබරගමු මහ සමන් දේවාල සම්ප්‍රදායන්ට පටහැනිව හා නීත්‍යානුකූල බලයක් ද නැතිව වැඩ බලන බස්නායක නිලමේ කෙනෙකු පත් කර තමන්ට දෙයියන්ගේ හාල් කැවුණු බවක් පෙන්නුම් කළ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා ඉන් නොනැවතී දැන් තමන් අනීතිකව පත් කළ ඊනියා වැඩබලන බස්නායක වෙනුවෙන් “කඩේ යාමට “ද “පටන්ගෙන තිබෙන බව දැන ගන්නට ලැබී ඇත.මේ සම්ප්‍රදාය විරෝධී හා අනීතික පත්වීම ලබාගත් පුද්ගලයාව සබරගමු මහ සමන් දේවාලයේ සම්ප්‍රදායික නිල රාජකාරි මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම පත්වීම් බලධාරියා හා ඔහු පිටුපස සිටි දේශපාලන “සෙනවි”යා අපේක්ෂා කළ දෙයක් නොවීය.එසේම මහ සමන් දේවාල ඉතිහාසයේ ප්‍රථම වරට දේවාලයේ නිල රාජකාරි මණ්ඩලය මේ සම්ප්‍රදාය විරෝධී අනීතික පත්වීමට එරෙහිව දෛනික තේවාව නවතා දමා විරෝධය පෑමක් ද සිදු කළ නිසා .මේ බලධාරීන්ට උතුර දකුණ මාරුවෙන තත්වයක් ඇති වී තිබේ.

කලබලයට පත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා වහාම ස්ථිර බස්නායක නිලමේ කෙනෙකු පත් කිරීමට නියමිත මහ සභාව පෙබරවාරි11දිනට කැඳවීය.ඉන් පසුව මාධ්‍ය ඉදිරියට පැමිණ තමන් නව වැඩ බලන බස්නායක වරයාව පත් කළේ නීතියට අනුව බවත් එය හුදෙක් ස්ථිර බස්නායක නිලමේ වරයකු පත්වන තුරු සිදු කළ තාවකාලික පැලැස්තර වැඩ පිළිවෙලක් බවත් කියමින් අහිංසක කුක්කු බබා පාට් එකක් දැම්මේ ය.

මෙයින් කලබලයට පත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා වහාම ස්ථිර බස්නායක නිලමේ කෙනෙකු පත් කිරීමට නියමිත මහ සභාව පෙබරවාරි11දිනට කැඳවීය.ඉන් පසුව මාධ්‍ය ඉදිරියට පැමිණ තමන් නව වැඩ බලන බස්නායක වරයාව පත් කළේ නීතියට අනුව බවත් එය හුදෙක් ස්ථිර බස්නායක නිලමේ වරයකු පත්වන තුරු සිදු කළ තාවකාලික පැලැස්තර වැඩ පිළිවෙලක් බවත් කියමින් අහිංසක කුක්කු බබා පාට් එකක් දැම්මේ ය. බෞද්ධ විහාර දේවාලගම් ආඥා පණතේ 17වගන්තිය ප්‍රකාරව දේවාලයකට වැඩ බැලීමට බස්නායක නිලමේවරයෙකු පත් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ට හැකිවන්නේ පත් කොට සිටි බස්නායක නිලමේ වරයකු තනතුර භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම, ඔහුගේ මරණය, ඉල්ලා අස්වීම, දුර්වලකම , අයෝග්‍යතාව,නිලය අත් හැරදැමීම,නිලය තහනම් වීම, නිලයෙන් නෙරපා දැමීම හෝ වස්තු භංගත්වය නිසා තනතුර පුරප්පාඩු වීම වැනි කරුණු මත පමණි.දේවාලයක පත් කළ බස්නායක වරයෙකුගේ නිල කාලය අවසන් වූ වහාම මාස තුනක් ඉක්මවා යාමට පෙර නව බස්නායක නිලමේ වරයාව පනතේ 8(2) වගන්තියේ නියම කර ඇති නිසි පටිපාටිය අනුගමනය කර පත් කිරීම හැර වැඩ බැලීමට කෙනෙක් පත්කිරීමට බලයක් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ට ලබා දී තිබේ නම් ඒ ඔහු ගේ මියගිය ආච්චි හීනෙන් පෙනී සිට දැයි අපි නොදනිමු.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වගකිව යුතු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු ලෙස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව තමන් විසින් ලබා දී ඇති ව්‍යවස්ථානුකූල නිල දිවුරුම් ප්‍රකාශයට අනුව “නීතියේ හැටියට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට” සිය තනතුරේ රාජකාරි ඉටු කිරීමට බැඳී සිටියි. ඒ හැරුණු කොට ඔවුන්දේශපාලක “සෙනවි”යන්ගේ හෙන්චයියන් ලෙස කටයුතු කළ යුතු නැත.ඔය දේශපාලක සෙනවි වරුනුත් තමන් දිවුරුම් දී ඇත්තේ ද “නීතියේ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ හැටියට කටයුතු කරන බවට” පොරොන්දු වෙමින් බවත් තේරුම් ගත යුතු ව ඇත. අපේ පක්ෂෙට ජනතාව ඡන්දය දුන්නේ සම්ප්‍රදායන් බිඳීමටය ඒ නිසා ඔය සම්ප්‍රදයන් අපි පයිසෙකට මායිම් කරන්නේ නැත කියා ප්‍රශස්ති ලියන ඇම්බැට්ට ගණයා ද සම්ප්‍රදාය යනු ලිඛිත නොවූ නීතිය බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 වන ව්‍යවස්ථාවෙන් දක්වා ඇති සේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ආරම්භ වන විට ක්‍රියාත්මකව තිබූ ලිඛිත හා අලිඛිත නීති වලට පටහැනිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කවර විධිවිධානයක් පනවා තිබුණත් ඒ ලිඛිත හා අලිඛිත නීති දිගටම වලංගුව තිබෙන බව පැහැදිලිව සටහන් කර තිබෙන බව තේරුම් ගත යුතු ය.ඒ අනුව අනාදිමත් කාලයක් තිස්සේ සබරගමුව සමන් දේවාල රාජකාරිවල දී සම්ප්‍රදායන් ලෙස අනුගමනය කරන සිරිත් විරිත් මෙරට ක්‍රියාත්මකව පවතින නීතියේම කොටසක් බවත් මේ සියලු දෙනාම සිහි මොළේ ඇතිව තේරුම් ගත යුතු වේ.

vinivida
මේ ඡායාරූපයේ මැද ලේඛකයා අසල සිටිනුයේ සිටින්නේ සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ වරයෙක්ව සිටි සුනිල්ශාන්ත වීරසේකර මහතාය.වමේ ගාල්ල දිසාපති රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා හා දකුණේ නුවරඑළිය දිසාපති ඩීපීජී කුමාර සිරි මහතාය.පිටුපස ඇති ඇත්දළ දෙක එදින දේවාලයේ පැවති බස්නායක නිලමේ ගේධුර කාලය නිමකිරීමේ උත්සවයට සිය නිවසින් ගෙන ආ ගෘහභාණ්ඩ සමග සුනිල් වීරසේකර මහතා ගෙන ආ ඔහු සතුව පැවති පාරම්පරික හිමිකමක් වන ඇත්දළ යුවලකි.

දේවාල සම්ප්‍රදායන්ට අනුව පාරම්පරිකව පත්වී රාජකාරි කරන රාජකාරී මණ්ඩලය දැඩිව බැඳී සිටින්නේ දේවාලයේ අනාදිමත් කාලයක් තිස්සේ පවත්වාගෙන එන සම්ප්‍රදායන් හා සිරිත් විරිත් වලිනි.ඔවුහු හැකි ඉහළම ප්‍රමාණයෙන් එකී සිරිත් විරිත් හා සම්ප්‍රදායන් ආරක්ෂා කරගනිමින් දෙවියන් වෙනුවෙන් තමන්ට පැවරුණු රාජකාරි ඉටුකරමින් සිටිති.සම්ප්‍රදායට හා සිරිත් විරිත්වලට පටහැනි කවර දෙයක් වුව ද ප්‍රතික්ෂෙප කිරීමේ අයිතිය ද ඔවුන් සතුවේ .ඊට එරෙහි වීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ට නොහැක. ඒ අනුව ඔවුහු දේවාලයේ බස්නායක ධුරයට පත්වීම සඳහා සම්ප්‍රදායන්ට අනුව සුදුසුකම් නොමැති බව කියවෙන ඊනියා අනීතික වැඩ බලන බස්නායක නිලමේ ගේ නායකත්වය ප්‍රතික්ෂේප කරති.දැන් සිදුව ඇත්තේ ඒ බස්නායක “ඒක නායක” වී හුදෙකලා වීම ය. මුදන්නායක රන්නක,මොහොට්ටාල ආදී පිට කට්ටලේ සියලුම නිලයනුත් කපු,වරුන්,ප්‍රමුඛ ඇතුලු කට්ටලේ සියලුම නිලයනුත් බස්නායක වරයාව පිළිගැනීම , ඔහුගේ උපදෙස් ගැනීම තබා ඔහු සමග කතාබහ කිරීමවත් කරනු නොලැබේ.බස්නායක යනු දේවාලයක රාජකාරි අරබයා දෙන සියලුම විධාන නිකුත් කරන්නා ය.ඔහු නිකුත් කරන විධාන භාර නොගැනීමෙන් රාජකාරි මණ්ඩලය ඊනියා අනීතික බස්නායක වරයාට බ්‍රහ්ම දණ්ඩය පනවා ඇති නිසා ඔහු “ඒක නායක” නැත්නම් තමාගේ පමණක් නායක වී ඇත.ඔහුගේ පිටුපස සිට ඔහුව මේ අමාරුවේ දැමූ බලධාරීන්ගේ කණට ගැසුවාක් වැනි මේ තත්වය නිසා පසුගිය දිනවල බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා ද සහභාගී වන බව පවසමින් රාජකාරි මණ්ඩලයේ රැස්වීමක් කැඳවීමට ඊනියා වැඩ බලන බස්නායක වරයා ක්‍රියා කොට ඇත.නමුත් දේවාල නිල රාජකාරි මණ්ඩලයේ කිසිවෙක් එම රැස්වීමට සහභාගී වූයේ නැත.ඉන් පසු බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා කළේ රාජකාරි මණ්ඩලයේ සියල්ලන් කොළඹට කැඳවා තමන් අනීතික ව පත් කළ වැඩ බලන බස්නායක නිලමේ වරයා ද කැඳවා දෙපාර්ශ්වය සමගි කිරීමට උත්සාහ දැරීම ය.මේ සඳහා දේවාලයේ ආදායම් රැස් කරන්නන්ගේ රැස්වීමක් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව දන්වමින් කැඳවීම් ලිපි යොමු කෙරිණි.මේ සාකච්ඡාව සඳහා රාජකාරි මණ්ඩලයේ 25 දෙනෙක් පමණ සහභාගී වූහ.එහි දී මේ දිනවල ආදායම් එක් රැස්කිරීමේ කටයුතු ගැන ද විමසීම් කොට තමා විසින් පත්කරන ලද වැඩ බලන බස්නායක නිලමේ සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නයැයි දැන්වීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් හීන් සීරුවේම ක්‍රියා කළ බව රැස්වීමට සහභාගී වූ රාජකාරි නිල කරුවෝ පැවසූහ.එහිදී ද විවෘතවම සම්ප්‍රදායට පටහැනිව පත්කර ඇති වැඩ බලන බස්නායක නිලමේ වරයා සමඟ තමන් කටයුතු නොකරන බවත් තමන් බැඳී ඇත්තේ දේවාල සම්ප්‍රදායෙන් හා සිරිත් විරිත් අනුව පැවරෙන වගකීම් ඉටු කිරීමට පමණක් බවත් ඉන් පරිබාහිරව ක්‍රියා කරන කිසිවෙකු සමඟ කටයුතු නොකරන බවත් ඔවුන් සෘජුවම ප්‍රකාශ කර ඇත.මෙහිදී බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා රජයේ ප්‍රතිපත්තියට අනුව කටයුතු කරන්නේ නැතිදැයි විමසූ බවත් රජයේ ප්‍රතිපත්තිය දේවාලයේ සම්ප්‍රදායන් හා සිරිත්විරිත් වලට එකඟ නම් තමන්ට කිසි ගටලුවකින් තොරව ඒවාට සහය දිය හැකි බවත් ඊට විරුද්ධ ප්‍රතිපත්ති හෝ ක්‍රියාකාරකම් රජයෙන් සිදු කළ හොත් පැහැදිලිවම තමන් එකඟ නොවන බවත් තමන් ප්‍රකාශ කළ බව ඔවුහු පැවසූහ.බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයාට මෙසේ රාජකාරි මණ්ඩල රැස්වීම් සඳහා කැඳවීමට බලයක් නැති බවත් තමන් කටයුතු කරන්නේ නීතියට හා සම්ප්‍රදායට අනුකූලව පත්වන බස්නායක නිලමේ වරයෙකු සමග මිස රජය සමග නොවන බවත් බස්නායක නිලමේවරයා දේවලයේ දේපල පරිපාලනය පිළිබඳව රජයට වගකියනු ඇති බවත් රජයේ යුතුකම වන්නේ සම්ප්‍රදාය හා නීතියට අනුව සුදුසු කම් ඇති බස්නායක නිලමේ වරයෙකු පත්කර දේවාලයේ කටයුතු කරගෙන යාමට ඉඩ සැලසීම බවත් මෙහිදී රාජකාරි මණ්ඩලය බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ට පෙන්වා දී ඇත.මේ අතර ඊනියා වැඩ බලන බස්නායක නිලමේ ද අදහස් පළ කිරීමට අවස්ථාව ඉල්ලා සිටියත් තමන් ඔහුට සවන් දීමට සූදානම් නැතිබව පවසා පිටව ආ බව ද රාජකාරි නිල කරුවෝ ප්‍රකාශ කළහ.ඒ අනුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයාගේ ඒ මුට්ටිය දැමීම ද හබක් වී ඇත.

මෙසේ ඊනියා බස්නායක නිලමේගේ පත්වීමේ හිස් භාවය මකන්න ඇල්ලූ පන්දම නිවීයද්දී තවත් පැත්තකින් මහ සමන් දේවාලයේ ඇත් දළ අතුරුදහන් වී ඇතැයි පැමිණිල්ලක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් කර තිබේ.ඒ ගැන අදහස් පළ කළ මහ සමන් දේවාලයේ ගබඩාව භාරව ක්‍රියා කරන සාම්ප්‍රදායික නිලය වන රන්නක නිලමේ ප්‍රකාශ කළේ දේවාලයේ රන්නක නිලමේ ලෙස තමන්‍ රාජකාරියට පත්වුණේ 2001වසරේදී බවත් තමන් භාරයේ මහ ගබඩාවේ ඇත් දළ ජෝඩු හයක් එනම් දළ දොලහක් තිබුණු බවත්‍ ය මේ ඇත් දළ යුගල හය පෙරහැර කාලයේ දී දේවාලයේ දිග් ගේ ශාලාවේ දෙපස ඇති ගල්කණුවල මුලින් සවිකර දිග්ගෙයි අලංකාරය සඳහා තබන බවත් පෙරහැර නිමවූ පසු යළි මහ ගබඩාවේ තැන්පත් කර ආරක්ෂා කළ බවත් ඔහු පැවසීය .සෑම වසරකම පෙරහැර කාලයේ දිග්ගෙයි ගල් කණු අසල තැන්පත් කිරීමේ දී දළවල මුල කොටස මඳක් දිරා ඇති බැවින් දිරූ කොටස කපා දමා සවි කිරීමට සිදුවූ බැවින් 2008දී පමණ එවක බස්නායක නිලමේ ධුරය දරූ සුනිල් ශාන්ත වීරසේකර නිලමේ තුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් ඉල්ලා සිටි බවත් මේ ඇත්දල හා ගබඩා කළ ස්ථාන පරීක්ෂා කළ ඔවුන් ඒ ඇත් දළ දිරායාමට හේතුව ඒවා අඳුරු ස්ථනයක ගබඩා කර තැබීම බැව් දන්වා නිසි වාතාශ්‍රය ලැබෙන ලෙස විවෘත ස්ථානයක ආරක්ෂිතව තැබීමට නිර්දේශ කළ බවත් ඒ අනුව දිග්ගෙයි ගල්කණුවලට ඉහලින් ස්ථාවරව සවි කළ හැකි ප්‍රමාණයේ ඇත්දළ යුගළ හතරක් සවි කිරීමට වීරසේකර බස්නායක නිලමේ තුමා කටයුතු කළ බවත්.කණුවල සවිකිරීමට තරම් විශාල වැඩි ඇත්දළ යුගලයක් දිග් ගෙයි පූජාව භාර ගන්න ස්ථානය දෙපස බිම සවිකර තැබීමටත් ක්‍රියා කළ බවත් රන්නක නිලමේ වරයා මා සමඟ පැවසීය.තවත් කුඩා ඇත් දළ යුගලයක් දේවාලය තුළ හඳුන්කුණමේ දේව ප්‍රතිමාව සහිත අල්මාරිය ඉදිරිපිට සවිකර ඇති බවත් ඒ අනුව තමන් හාරයේ තිබුණු ඇත් දළ යුගල හයම ආරක්ෂිතව දැනටත් පවතින බවත් මීට අතිරේක ව මෑත කාලයේ තවත් ඇත් දළ යුගලයක් දේවාලයට පූජාවක් ලෙස ලැබුණු බවත් එය ද ඇතුලත්ව ඇත්දල යුගල හතක් එනම් ඇත්දළ දාහතරක් දේවාලය තුළ ආරක්ෂිතව ඇති බවත් දේවාලයේ මහ ගබඩා භාරව රන්නක නිලමේ වරයා වැඩිදුරටත් මා සමඟ පැවසීය.

ඇත් දළ නැතිවී ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා හිටපු බස්නායකවරයාට එරෙහිව පොලිසියට පැමිණිලි කළේ දෙවියන් ගේ හාල වලට අමතර “අමු කැවී ඇති නිසාදැයි බලවත් කුකුසක් ඇතිවේ.මෙය එක්කෝ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයාට සිදු වූ ” වයර් මාරු වීමක්” විය යුතු ය. නැතිනම් ඔහු මේ පැමිණිල්ල තුළින් වෙනත් අරමුණක් ඉටු කරගන්නට බලනවා විය යුතුය. දේශපාලනඥයන් නම් වෙනත් අරමුණු සඳහා පොලිසියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ අල්ලස් කොමිසමට පෙරහැරෙන් ගොස් යම් යම් පැමිණිලි කර ඒ යන එන ගමන් වල දී “වොයිස් කට් දි විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරවාගෙන තම අරමුණු ඉටුකර ගන්නා අයුරු අප කොතෙකුත් දැක ඇත.

මෙසේ වූ තත්වය තුළ ඇත් දළ නැතිවී ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා හිටපු බස්නායකවරයාට එරෙහිව පොලිසියට පැමිණිලි කළේ දෙවියන් ගේ හාල වලට අමතර “අමු කැවී ඇති නිසාදැයි බලවත් කුකුසක් ඇතිවේ.මෙය එක්කෝ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයාට සිදු වූ ” වයර් මාරු වීමක්” විය යුතු ය. නැතිනම් ඔහු මේ පැමිණිල්ල තුළින් වෙනත් අරමුණක් ඉටු කරගන්නට බලනවා විය යුතුය. දේශපාලනඥයන් නම් වෙනත් අරමුණු සඳහා පොලිසියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ අල්ලස් කොමිසමට පෙරහැරෙන් ගොස් යම් යම් පැමිණිලි කර ඒ යන එන ගමන් වල දී “වොයිස් කට් දි විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරවාගෙන තම අරමුණු ඉටුකර ගන්නා අයුරු අප කොතෙකුත් දැක ඇත. මා අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස රාජකාරි කල කාලයේ දළදා මාලිගාවේ දියවඩන නිලමේ වරයා තෝරාපත් කරගන්නා තේරිම් සභාවකට සහභාගී වූයේ මා හට ද එම සභාවේ ඡන්ද බලය තිබුණු බැවිනි.එදා සභාවේ මුලසුන දැරුවේ බෞද්ධ කටයුතු කොමසාරිස් කාරියවසම් නම් මහත්මයෙකි.දියවඩන නිලමේ ධුරයට නම් තුනක් යෝජනා ස්ථිර විය.ඡන්ද විමසීමට පෙර ඉන් එක් අපේක්ෂකයෙකුගේ නියෝජිතයෙකු ලෙස කීර්තිමත් නීතීඥයෙකු වූ රන්බණ්ඩා සෙනවිරත්න මහතා නැඟී සිට වෙනත් අපේක්ෂකයෙකු පිළිබඳව මූලික විරෝධතාවයක් ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සිටියේ ය.අවසරය ලැබුණි.ඔහු ඉතාමත් ව්‍යක්ත ලෙස විනාඩි හත අටක් තුළ එක අපේක්ෂය්කයකු ඊට පෙර බස්නායක නිලමේ ලෙස දේවාලයක කටයුතු කරද්දී කරන ලදැයි පැවසුණු වැරදි ක්‍රියා රැසක් විස්තර කරමින් ඔහුගේ අපේක්ෂකත්වය අවලංගු කරන ලෙස ඉල්ලා සිටියේය.එවිට ඒ විරෝධතාවට ලක්වුණු අපේක්ෂකයාගේ නියෝජිත නීතීඥ මහතා නැඟී සිට රන්බණ්ඩා සෙනවිරත්න නීතීඥ තුමා නැඟූ විරෝධය නීතිය අනුව පිළිගත හැකි විරෝධයක් නොවන බවට විහාර දේවාලගම් ආඥා පණත උපුටා දක්වමින් විනාඩි දෙකකින් පමණ පිළිතුරුදී වාඩි විය.පසුව බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා රන්බණ්ඩා සෙනවිරත්න නීතීඥ තුමාගේ විරෝධය ප්‍රතික්ෂේප කර ඡන්ද විමසීම ඇරඹීය.ඡන්ද විමසීමේදී රන්බණ්ඩා සෙනවිරත්න මහතාගේ අපේක්ෂකයා දෙවනි තැනටත් ඔහුගේ විරෝධය එල්ල වූ අපේක්ෂකයා තුන්වෙනි තැනටත් පත්විය.අනික් අපේක්ෂකයා වූ නිරංජන් විජේරත්න මහතා දියවඩන නිලමේ ලෙස පත් විය.මගේ මිත්‍ර පී බී අමරසේකර එවක අම්පාර ප්‍රාදේශීය ලේකම් වරයා අර තුන්වෙනි තැනට පත් අපේක්ෂකයාගේ හිතවතෙක් විය.නිලවරණයෙන් පසුව අප හමු වූ ඒඅපේක්ෂකයා ප්‍රකාශ කළේ එතෙක් දෙවන ස්ථානයෙහි සිටි තමන් තුන් වන ස්ථානය තෙක් පල්ලම් බැස්සේ රන්බන්ඩා සෙනවිරත්න මහතා විරෝධය ඉදිරිපත් කිරීමේ දී තමාගේ බස්නායක ධුරයේ දී කළේ යැයි බොරුවට චෝදනා කරමින් කළ විස්තරය නිසා බව ය.එය ඇසුණු නිරන්ජන් විරෝධී ඡන්ද දායකයින් සිය ඡන්දය තමාට නොදී රන්බණ්ඩා සෙනවිරත්න මහතාගේ අපේක්ෂකයාට දුන් බවත් රන්බණ්ඩා සෙනවිරත්න නීතීඥ වරයා තමාට එරෙහිව ප්‍රචාරක වාසියක් ඒ අවස්ථාවේ ඇති කරගැනීමට දක්ෂ වූ බවත් පැවසීය.නීතීඥ රන්බන්ඩා සෙනවිරත්නගේ නීතීඥ ගැටය අපට තේරුණේ එවිට ය.

මෙයින් සිතා ගත හැක්කේ ඇත් දළ අතුරුදහන්වීම පිළිබඳ පැමිණිල්ල නිසා දැන් හිටපු බස්නායක නිලමේට පෙබරවාරි නිලවරණයට ඉදිරිපත් වීමට ඇති හැකියාව සැක සහිත තත්වයට පත්කර ඇති බවකි.ඉන්පසුව සූදානම් කර ඇති වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත්කර මහ සමන් දේවාලයේ බස්නායක ධුරයට තමන්ට හිතවත් අයෙකු පත්කර ගැනීමේ කුමන්ත්‍රණයක කවුරුන් හෝ යෙදෙනවාදැයි බලවත් සාධාරණ සැකයක් මෙයින් මතු වේ.රාජ්‍ය නිලධාරියෙකු වන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා ක්‍රියා කළ යුත්තේ නීතියට අනුව මිස එක් එක් කුමන්ත්‍රණ කරුවන්ගේ බළල් අත් ලෙස නොවේ.සමන් දේවාලයට බස්නායක වරයෙකු පත්කිරීමේ සභාව පවතින හා ඊට ඡන්ද බලය හිමි රාජ්‍ය නිලධාරීන් කවුරුත් දැනට වලංගු නීතියක් වන 2023අංක9 දරණ දූෂණ විරෝධී පණතේ 111 වගන්තිය හොඳින් කියවා තේරුම්ගෙන සිය රාජකාරි කරන්නේ නම් හොඳ බව පමණක් සටහන් කරමි.

සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

එතෙර - මෙතෙර