මේ වසරේ ජනවාරි සිට මේ දක්වා දින 232ක කාලයක් සිර දඬුවම් ලබමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.
ඒ ලිපිය මඟින් රාමනායක මහතා සත්‍ය වෙනුවෙන් කතා කරන අවංක පුද්ගලයකු බවත් වසර ගණනක් අඛන්ඩව ජනප්‍රියතම නළුවා බවට පත්ව ඇති බවත් පෙන්වා දෙන විපක්ෂ නායක වරයා ජනතාවාදී කලා කරුවකු වන රාමනායක මහතා අවස්ථා රැසකදීම ඉහළම මනාප වලින් පාර්ලිමේන්තුවට තේරී පත් ව ඇති බව ද පෙන්වා දෙයි.
එමෙන්ම විපක්ෂ නායක වරයා සිය ලිපිය මඟින් වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ රාමනායක මහතා දේශපාලනයෙන් හෝ වෙනත් කිසිම මාර්ගයකින් අයථා කටයුතු වලට හෝ දූෂණ වලට සම්බන්ධ වී නොමැති බවකි.
මෙතෙක් ජනාධිපති වරයා ගෙන් සෘජු ඉල්ලීමක් කොට නැති නමුදු රාමනායක මහතාට ජනාධිපති සමාව හිමි විය යුතුය යන අදහසේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වරුන් ද රැසක් සිටින බවක් අනාවරණය වී තිබේ.
විපක්ෂ නායක වරයා ජනපති වරයා වෙත යොමු කල ලිපිය පහතින්;
රේණුකා දමයන්ති