රන්ජන් ගේ දෙවන නඩුව මාර්තු 09 දා

දැනට බන්ධනාගාර කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විද්‍යුත් මාධ්‍ය ආයතයක පැවති වැඩසටහනකදී කළ ප්‍රකාශක් මගින් අධිකරණයට  අපහාස කිරීමේ සිද්ධියට අදාළ දෙවැනි නඩුව ලබන මාර්තු මස 09 වැනි දිනට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීරණය කළේ ය.එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ඒ. එස්. එම්. නවාස් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව අද සැලකිල්ලට ගත් අවස්ථාවේ මෙම කරුණු ඉදිරිපත් විය.එම නඩුවට මුහුණ දීම සදහා රන්ජන් රාමනායක මහතා අද දින අධිකරණය හමුවේ පෙනී සිටියේය.

කාලීන පුවත්