රන්ජන් බන්ධනාගාරයේ සිට උපාධියකට සැරසෙයි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර ඇති දෙවැනි නඩුව ජනවාරි 24 වැනිදා නැවත කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ අවස්ථාවේ රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා රන්ජන් රාමනායක මහතා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කලා උපාධිය සම්පූර්ණ කරමින් සිටින බව ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.එස්. එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් එම දෙවැනි නඩුව කැඳවනු ලැබිණි.

එහිදී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ රන්ජන් රාමනායක මහතා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කලා උපාධිය සම්පූර්ණ කරමින් සිටින බවයි.

රන්ජන් රාමනායක මහතා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කලා උපාධි පාඨමාලාවේ පළමු වර්ෂයේ අධ්‍යයන කටයුතු අවසන්ව මේ වන විට දෙවැනි අධ්‍යයන කටයුතු ඔන් ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එම කටයුතු කිරීමට පහසුකම් සලසන ලෙස සහ ඊට අවසර දෙන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම බන්ධනාගාර අධිකාරියට යොමු කරන ලෙස නියම කළ විනිසුරු මඬුල්ල ඒ සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වුවහොත් මෝසමක් මඟින් අධිකරණයට දැනුම් දෙන ලෙස ද නියම කළේය.

කාලීන පුවත්