රන්ජන්ට නිදහස දෙන්න නිශ්ශංක සේනාධිපති ගීතා ඇතුළු කලා කරුවන් හා කතා බහක

මේ වන විට සිරදඩුවමකට යටත්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම පිණිස ජනාධිපතිවරයාට හිතවත් ප්‍රබල ව්‍යාපාරිකයකු වන නිශ්ශංක සේනාධිපති මහතා සහ කලාකරුවන් පිරිසක් සාකච්ජාවක් පවත්වා ඇත.ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රවීණ කලාකරුවන් වන කමල් අද්දරආරච්චි, දිල්හානි ඒකනායක ඇතුලු තිහකට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වී තිබේ.නිශ්ශංක සේනාධිපති මහතා මේ වන විට කිහිප වරක් වැලිකඩ බන්ධනාගාරයට ගොස් රන්ජන් රාමනායක මහතා හමු වී ඔහුගේ සෞඛ්‍ය තත්වය සහ බන්ධනාගාරයේ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳව සොයා බලා තිබේ.

කාලීන පුවත්