රනිල් ඉවත් කරන්න බරපතල ක්‍රියාමාර්ග ගන්නවා

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින් ඉදිරි දින දෙක තුල බරපතල ක්‍රියාමාර්ග ගන්නා බවත් 19 වන දින විරෝධතා දිනයක් බවට ප්‍රකාශයට පත් කරන බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පැවසීය.වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීම සඳහා වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන දැවැන්ත ක්‍රියාමාර්ග ගන්නා බවත් හිටපු ජනාධිපතිවරයාද ධුරයෙන් ඉවත් කළ මෙම අරගලය ද ජයග්‍රහණයෙන් අවසන් කිරීමට හැකි බවත් ඔහු තවදුරටත් පැවසීය.එහෙත්,පසුගිය දා ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවක දී වැඩ බලන ජනාධිපති වරයා කියා සිටියේ උද්ඝෝෂණ කිරීම සම්බන්ධයෙන් ජනතාව සතු ප්‍රජාතන්ත්‍රීය හිමිකම් තහවුරු කළ ද එම සීමාව අතික්‍රමණය කරන නීති විරෝධී ක්‍රියා මැඬලීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ගත හැකි සියළු ක්‍රියාමාර්ග ගත යුතු බවකි.

කාලීන පුවත්