රනිල්-මෝදි හමුව ජූලි 21 දා ලබන ජුලි 21 වැනි දින පැවැත්වීමට නියමිත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ද්වි පාර්ශවීය වශයෙන් වැදගත් තීරණ කිහිපයකට එළැඹිය යුතු සාකච්ඡාවක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජුලි 20 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.මෙහි දී දහ තුන් වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත බල ගැන්වීම හා පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වනු ඇතැයි ඇතැම්හු කියති.