1988-89 කාලයේ භීෂණකාරී සිදුවීම් ගැන පරීක්ෂණ සිදු කරන ලද බටලන්ද කොමිෂන් සභා වාර්තාව මත පදනම්ව ජාත්‍යන්තර සහය ලබාගෙන හෝ නීත්‍යානුකූලව පියවර ගෙන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු වගකිව යුත්තන්ට එරෙහිව පියවර ගන්නා බව ඇමති බිමල් රත්නායක මහතා පවසයි.නීත්‍යානුකූලව කළ හැකි සියලු පරීක්ෂණ සිදුකර රනිල් වික්‍රමසිංහ නීතිය හමුවට පමුණුවන බවත් ඒ මහතා පවසයි.ඔහු වැඩි දුරටත් පවසනුයේ.රනිල් වික්‍රමසිංහ වැනි අති දැවැන්ත ඝාතකයන් අනිවාර්යෙන් හෙලිදරව් කර දරුවන් වෙනුවෙන් රටේ අනාගතය ලිවිය යුතු බවකි.අමාත්‍යවරයා ඒ බව පවසා සිටියේ ඊයේ(10) පාර්ලිමේන්තුවේ පැවති බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදයට එක්වෙමිනි.