රඹුක්කන ජනතා විරෝධයට එල්ල වූ පොලිස් වෙඩි පහරින් අයෙක් මරුට;27 කට තුවාල

ඉන්ධන මිල අසීමාන්තික ලෙස ඉහළ නැංවීම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල නොසිතූ ලෙස ඉහළ යාම මුල් කොට රඹුක්කන නගරයේ අද දවස පුරා පැවැති ජනතා විරෝධතාවකට එල්ල වූ පොලිස් වෙඩි පහරින් එක් පුද්ගලයකු මිය ගොස් තවත් 27 දෙනකු රෝහල් ගත කොට ඇත.

තුවාල කරුවන් අතර පොලිස් නිලධාරීන් කිහිප දෙනකු ඇතැ‍යි ද පැවසෙයි.කෑගල්ල රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනුයේ ඉන් හතරක ගේ තත්වය බරපතල බව ය.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනුයේ මෙම විරෝධතා කරුවන් තෙල් බවුසරයකට ගිනි තැබීමට දැරූ උත්සාහයක් වළකනු පිණිස පොලීසිය මෙම වෙඩි තැබීම සිදු කොට ඇති බවය.

කාලීන පුවත්