රහ මෙරත් බෝතලයෙන් පැකට්ටුවට වැටුණු වගයි – මීගමුවේ සැඟවුණු සුරා කතා

.vinivida

“බෝතල් මාසය” යනු ජනවාරි මාසය හැඳින්වීම පිණිස කිතුණු ජන වහරේ එන සරදම් නාමයකි. කිතුණු ජනතාව ගේ වසරේ පරමෝත්කෘෂ්ඨ කාල වකවානුව නත්තල් සමයයි. එබැවින් නත්තල හා සබැඳි ආධ්‍යාත්මික කටයුතු නිමා කරන ඔව්හු එතැන් සිට පවුල් සහ ප්‍රජාමය වශයෙන් එකට කා බී, ගී ගයා, නටා විනෝදමත් වෙති. මෙම විනෝදය නව වසරේ පළමු වෙනිදා හෙවත් ‘ජනේරු මංගල්‍යය’ තෙක්ම අඩු වැඩි වශයෙන් පවතී.

මීගමු පුරවරයේ වෙසෙන මගේ පැරණි හිතවතකු වන ඩබ්ලියු. එමානුවෙල් ප්‍රනාන්දු පසුගිය ජනවාරි අවසන් සතියේ දිනෙක මට හමු විය. මීගමුව වැල්ල වීදියේ ධීවර පරපුරකට අයත් ඔහු මේ දිනවල තරමක ගිලන් බවකින් යුතුව මීගමුව පිටිපන වීදියේ පිහිටි තම දියණියක ගේ නිවසේ විවේක සුවයෙන් පසුවෙයි.
“කොහොම හරි බෝතල් මාසෙත් ඉවර වෙන්න එනවා නේද?” එමානුවෙල් සමඟ පැවැති සුහද පිළිසඳර අතරේ මම නිකමට මෙන් ඔහුගෙන් ඇසුවෙමි. “බෝතල් මාසය” යනු ජනවාරි මාසය හැඳින්වීම පිණිස කිතුණු ජන වහරේ එන සරදම් නාමයකි. කිතුණු ජනතාව ගේ වසරේ පරමෝත්කෘෂ්ඨ කාල වකවානුව නත්තල් සමයයි. එබැවින් නත්තල හා සබැඳි ආධ්‍යාත්මික කටයුතු නිමා කරන ඔව්හු එතැන් සිට පවුල් සහ ප්‍රජාමය වශයෙන් එකට කා බී, ගී ගයා, නටා විනෝදමත් වෙති. මෙම විනෝදය නව වසරේ පළමු වෙනිදා හෙවත් ‘ජනේරු මංගල්‍යය’ තෙක්ම අඩු වැඩි වශයෙන් පවතී.
නමුත් තමන් ගේ ඒ කා බී විනෝදමත් වීමේ සීමාව ඉක්මවා බොහෝ දුරක් ගොස් ඇති බවක් ඔවුන් ගෙන් බොහෝ දෙනකුට පෙනී යන්නේ එම උත්සව අසිරිය නිවසේ පෑළ දොරින් පළා යද්දී ජනවාරියේ එළිපත්ත නැඟ නිවසට ගොඩ වදින අඟ හිඟ කම් කන්දරාව දකින විට ය.එහෙත්, ඒ වන විට උත්සව සමයේ ශේෂය වශයෙන් දක්නට ඇත්තේ නිවසේ පිටුපස ගොඩ ගැසී ඇති හිස් බෝතල් තොගය පමණි. ඒ අනුව ජනවාරි මාසයේ ගෙතුළට කඩා වදින අඟ හිඟ කම් පියවා ගැනීමට ඔවුනට ඇති ප්‍රධානතම උපාය මාර්ගයක් වනුයේ ඒ වන විට ගම් දනව් පුරා සැරිසරන පරණ බෝතල් පත්තර එකතු කරන්නකු හට ඒ බෝතල් තොගය දී සිල්ලර මුදලක් ලබා ගැනීම පමණි. ඒ අනුව ජනවාරිය හැඳින්වීම පිණිස කිතුණු ප්‍රජාව යොදන “බෝතල් මාසය” යන උපහාසාත්මක යෙදුම ඔවුන් තමන් වෙතම එල්ල කර ගන්නා අහිංසක ස්වයං විවේචනයක් බව පෙනේ.

මීගමුවේ ජනතාව ආහාර පාන සංග්‍රහයෙහි ලා අතිශය පරිත්‍යාගශීලී සහ නිර්ලෝභී බවට සනාථ කළ හැකි සාක්ෂි රැසක් මා සතුව ද තිබේ. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා 1997 වසරේ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ධූරයේ භාර ගැනීමත් සමඟ එහි වනිතා සංවර්ධන අංශයක් දියත් කිරීම පිළිබඳව ද අවධානය යොමු විය. එවක කාන්තා පුවත් පතක කර්තෘවරයකු වශයෙන් කටයුතු කළ මා ද එහි සමාරම්භක රැස්වීම් වලට එක් වූ අතර පසුව එම වනිතා සංවර්ධන අංශය ‘දියවර සොබා වනිතා’ ලෙස නම් කරන ලදී. ඒ සොඳුරු නාමය ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා ගේ පටබැඳුමකි. පසුව එම අංශයේ සමාරම්භක පියවර අප රටේ ප්‍රධාන ධීවර ජනාවාසයක් වන මීගමුවෙන් ආරම්භ කිරීමට තීරණය විය.

“බෝතල් මාසේ විතරක් නෙවෙයි බෝතල් කාලෙත් ඉවරයි. දැන් තියෙන්නේ පැකට් කාලේ නේ. දැන් මේ පැති වල බෝතල් වෙනුවට හැම තැනම පාවිච්චි කරන්නේ පැකට් නේ” හෙතෙම කීයේ මා කෙසේවත් නොසිතූ ලෙසිනි.
මගේ හිතවතා පැකට් යනුවෙන් හඳුන්වන ලද්දේ නීති විරෝධී මත්පැන් සහිත පොලිතින් ඇසුරුම් ය. ඔහු වැඩිදුරටත් පැවසූ පරිදි මේ වන විට අප රටේ බොහෝ ප්‍රදේශවල කසිප්පු තිත්පලවල් ඉතා අඩු ය. ඊට හේතුව ජනතාව නීති විරෝධී මත් පැන් වලින් ඉවත් වීම නොවේ.එම මත්පැන් සහිත පොලිතීන් පැකට් දොරින් දොරට බෙදන ජංගම “සේවාවන්” දැන් රට පුරා ක්‍රියාත්මක වන බැවිනි. ඒ අනුව මෙය මීගමුවට, ගම්පහ දිස්ත්‍රික්කයට හෝ බස්නාහිර පළාතට පමණක් සීමා වූවක් නොවන බව ද විශේෂයෙන් කිව යුතුම ය.
“ඔය පැකට් රුපියල් තුන්සීය හාරසීය වගේ ගණන් වලට ගෙදරටම ගෙනත් දෙනවා.සමහරු තුන්සීයේ ඒවා බොනවා. තවත් සමහරු කොලිටිය හොඳයි කියලා හාරසීයේ ඒවා බොනවා. දැන් සමහර වයින් ස්ටෝර්ස් වලත් රුපියල් පන්සිය ගණන් වලට සැර අඩු කාලේ බෝතල් තියනවා. නමුත් හුඟ දෙනෙක් බොන්නේ මේවම තමයි. එකක් ගාණ අඩුවීම,අනික ඒ කාලේ බෝතල් වලට වඩා මේවා සැර වැඩි වීම, ඒ වගේම ඒවා ගෙදරටම ලැබෙන එකත් ලෙකු පහසුවක් නේ’ එමානුවෙල් කීය. ඒ අනුව ඒ මොහොතේ ඔහු ලවා එවැනි පැකට්ටුවක් ගෙන්වා ගැනීමේ ක්ෂණික අදහසක් මා තුළ ද පහල විය. ඒ ඒවායේ පැහැය,ප්‍රමාණය, ගන්ධය සේම ඇත්තම කිවහොත් රසය ද තොළ ගා බැලීමට ය.
“අපොයි ඒවා ඕනේ නෑ. මම ටවුන් එකට කොල්ලෙක්ව යවලා පටස් ගාලා …” මගේ හිතවතා එලෙස අසුරු සැනින් සැරසෙනුයේ කුමකටද? යන්න වටහා ගත් මම ද ක්ෂණිකව ඔහුට බාධා කළෙමි. මීගමුවේ ජනතාව ආහාර පාන සංග්‍රහයෙහි ලා අතිශය පරිත්‍යාගශීලී සහ නිර්ලෝභී බවට සනාථ කළ හැකි සාක්ෂි රැසක් මා සතුව ද තිබේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා 1997 වසරේ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ධූරයේ භාර ගැනීමත් සමඟ එහි වනිතා සංවර්ධන අංශයක් දියත් කිරීම පිළිබඳව ද අවධානය යොමු විය. එවක කාන්තා පුවත් පතක කර්තෘවරයකු වශයෙන් කටයුතු කළ මා ද එහි සමාරම්භක රැස්වීම් වලට එක් වූ අතර පසුව එම වනිතා සංවර්ධන අංශය ‘දියවර සොබා වනිතා’ ලෙස නම් කරන ලදී. ඒ සොඳුරු නාමය ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා ගේ පටබැඳුමකි. පසුව එම අංශයේ සමාරම්භක පියවර අප රටේ ප්‍රධාන ධීවර ජනාවාසයක් වන මීගමුවෙන් ආරම්භ කිරීමට තීරණය විය. ඒ අනුව මීගමුවේ ධීවර වනිතාවන් ගේ සමාජ, ආර්ථික, සංස්කෘතික පසුබිම පිළිබඳ මූලික අධ්‍යයනයක් කිරීමේ අවශ්‍යතාව ද පැන නැඟිණ. ඒ සඳහා එවක ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන සහ පර්යේෂණ (නාරා) ආයතනයේ ව්‍යාප්ති නිලධාරීව සිටි ආනන්ද ලාල් ලියනගේ සොයුරා සමඟ මම ද එක්ව කටයුතු කළෙමි. එම කටයුත්තෙහි ලා අපට සහාය වීමට කැලණි විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය කණ්ඩායමක් ද එක්ව සිටියහ. මගේ පැරණි මිතුරු එමානුවෙල් ප්‍රනාන්දු සහ එවැනිම තවත් මීගමු සුමිතුරන් කිහිපදෙනකු මට මුල් වරට දැන හඳුනා ගත හැකි වූයේ ඒ විමසුමේදී ය. පොත පතින් ලද උගත්කම සීමිත වුව පාරම්පරික වශයෙන් මීගමු ජනතාව ගේ වංහු, නෝම්බු ගැන කීමට එමානුවෙල් තුළ වූ හැකියාව එවක ද මගේ විස්මයට හේතු විය. ඔහුගේ නිවසට ගොඩ වැදුණ ද මත්පැන් බීමේ කිසිදු කැමැත්තක් මා තුළ නොමැති වුව ද ඔහු පැවසූ පැකට් එකක් ගෙන්වා ගැනීමට මා තුළ පැවැති ආශාව දැන ගත් මගේ සුමිතුරා කාගෙන් හෝ ලබා ගත් දුරකථන අංකයක් ඔස්සේ ඒ මොහොතේම තවත් කිසිවකුට දුරකථන ඇමතුමක් ගනු පෙනිණ.

‘අයියෝ; මිනිහා මේ දැන් මෙතනින් ගියාලු නේ, දැන් ඉන්නේ ලෙල්ලම කිට්ටුව කිව්වා.තව ටිකකින් ලෙඩෙක් බලන්න යන්න තියනවා කියලත් කිව්වා. මිනිහා අහනවා හවස තුනට වගේ මේ පැත්තට ආවම මදිද?” කියලා. එම ඇමතුමින් පසුව මගේ හිතවතා කීයේ තරමක කණස්සලු සහගත බවකින් යුතුව ය.
“එහෙම බෑ….. මටත් තව ගමන් කීපයක් යන්නත් තියනවා. එහෙනම් අපි වෙන දවසක බලමු”එවේලේ ඒ පැකට් එකක් ගෙන්වා ගැනීමේ අදහස සිතින් අත් හළ මම කීවෙමි. ඒ අනුව බොහෝ විට ඉදිරි දිනයක එහි යාමේ අදහසක් මා තුළ තිබේ.
මීගමු ජනතාව සහ සුරාව අතර ඇත්තේ අවියෝජනීය සබැදියාවකි. එහෙත්, ඒ සබැදියාව හුදු බේබදු කමක් නොවන බව ද එහි ජන ජීවිතය සියුම්ව විමසුමට ලක් කළ මට මනාව පසක් වී තිබේ. ඔවුන්ගේ සංස්කෘතික පසුබිම තුළ සුරාවට ද සැළකිය යුතු තැනක් ලැබී ඇති අතර එය අරපිරිමැසුම් සහගත ලෙස භාවිතා කිරීමේ කලාව ද ඔවුන් ගෙන් බහුතරය ඉතා හොඳින් දැන සිටිති.

“අපි පුංචි කාලේ වැල්ල වීදියේ ශාන්ත සෙබස්තියන් පල්ලියේ සුවාමිලා නිතරම දේශනා කරපු දෙයක් තමයි උඹලා රා අරක්කු බොනවා නම් උඹලට විතරක් දැනෙන්න බිව්වම ඇති, උඹලගේ අඹු දරුවන්ට, අහල පහළ අයට, නෑදෑයන්ට ගමට රටට දැනෙන්න බොන්න ඕනෙ නෑ කියලා. ඒ වගේම එක්දාස් නවසිය තිස් ගණන් වල මර්සලීනු ජයකොඩි ස්වාමී අපේ අම්මලගේ ගමේ; මීගමු දූවේ පල්ලියේ ඉන්න කාලෙත් නිතරම කියපු දෙයක් තියනවා. ඒ කියන්නේ උඹලගේ බීම හින්දා අනික් අයගේ සිත් ඇතුලේ මළ ගෙවල් හැදෙනවා නම් උඹලගේ ඔය මඟුල් නැටීමෙන් වැඩක් නෑ කියලා. ඒ වගේම හැම අවුරුද්දකම මාර්තු මාසේ එන අළු බදාදා ඉදලා මහ සිකුරාදා පාස්කු ඉරිදා වෙනකම්ම අපිට රා අරක්කු වගේම ගොඩ මසුත් තහනම්.ඒක ජේසු ස්වාමි දරුවෝ කුරුස වධයට ලක්වීම සිහි ගන්වමින් දුක් වෙන කාලයක්, ඒකට කොරොස්මෙ කියනවා. අලුත් තාලෙට නම් කියන්නේ චතාරික සමය කියලනේ” එමානුවෙල් ප්‍රනාන්දු;මගේ හිතවතා කීය. ඒ අනුව කිතුණු ජන සංස්කෘතිය තුළ මත්පැනට සෘජු විරෝධයක් නොමැති වුව ද ඊට විනයක්, සංවරයක් ශික්ෂා මාර්ගයක් සහ සදාචාර සීමාවන් පනවා ඇති බව අතිශය පැහැදිලි ය.
එමෙන්ම මත්පැන් බෝතලයෙන් පැකට්ටුවට මාරු වීම පිළිබඳ මෙම සුරා සංස්කෘතියේ සංක්‍රාන්ති සමය මුල් කොට පැවසිය හැකි මීගමුවේ සුරා උප සංස්කෘතිය පිළිබඳ අතීත රසවත් කතා කිහිපයක් ද මා සතුව තිබේ. වත්මන් මීගමු සුරා සංස්කෘතියේ යටගියාව විමසන විට එහි ආදි කර්තෘත්වය මීට සියවස් ගණනක සිට මීගමුව කේන්ද්‍ර කර ගත් ප්‍රදේශවල රා මැදීමට ඉන්දියාවේ කේරලයේ සිට පැමිණි මලයාලම් බස කතා කරන කොච්චි මිනිසුන්ට ලබා දිය යුතු ය. ඉන්දීය උප මහාද්වීපයේ පොල් වගාව අතිශය සරු සාරව පැවැතීම මත ඉන්දියානු පොල් සංවර්ධන මණ්ඩල මූලස්ථානය පිහිටා ඇත්තේ ද කේරලයේ “කොචි” වලම ය. කෙසේ හෝ රා මැදීම කේන්ද්‍ර කරගෙන කේරලයේ සිට පැමිණි මනා දේහධාරී තරුණයන් මෙහිදී රාමයියලා ලෙස හැඳින්වුණු බවත් ඔවුන් මලයාලී මන්ත්‍ර ගුරුකම් මගින් මෙහි සිටින රූමත් තරුණියන් වසඟ කර ගැනීමට සමත් වූ බවත් අතීතයේ “හකුරු මුඩුක්කුව” ලෙස හැඳින්වුණු වත්මන් මීගමුව සිරිවර්ධන පෙදෙසේ විසූ වියපත් කතුන් 1997-1998 වසර වල මා හා කියා තිබේ.නමුත් නිවසේ බෙන්සාරු කරන ලද හෙවත් ආසිරි ගන්වන ලද දේව මාතා සුරුවමක් හෙවත් ප්‍රතිමාවක් තබා ගැනීමෙන් ඒ මලයාලම් බන්ධන “පුස් වෙඩි” බවට පත් වන බව ද ඔව්හු කීහ.

සුරාබදු ආඥාපනත යටතේ ලබාදුන් රා සහ අරක්කු රේන්ද බලපත්‍ර නොතකා නීති විරෝධී ලෙසින් රා මැදීම, විකිණීම සේම අරක්කු නිෂ්පාදනය සහ විකිණීම ද එම ප්‍රදේශවල ව්‍යාප්ත වූ අතර 1940 දශකයේ දී පමණ උපරිම ලෙස සිදුවූ බවට තොරතුරු තිබේ. එමෙන්ම මීගමුවේ පාරම්පරික ගැමියන් පවසන අන්දමට රා වලින් විනාකිරි තැනීම සේම අරක්කු පෙරීම ද රා මැදීමට පැමිණි කොච්චි මිනිසුන් සාර්ථක ලෙස සිදු කරන ලද්දකි. මීගමුව ප්‍රදේශයේ ඇති කොච්චිකඩේ ග්‍රාම නාමය අතීතයේ මෙම කොච්චි මිනිසුන් නිසා ඇති වූවකි. එපමණක් නොවේ අද ද වචන මාත්‍රයකට පමණක් සීමා වූ ‘දන්කොටුව ස්පෙෂල්’ නම් අරක්කු වර්ගය එම ප්‍රදේශයේ ඇති සරුසාර පොල් වගාවන් කේන්ද්‍ර කොට නිපදවුණු හොර සුරා විශේෂයකි.

ඉතිහාසයට අනුව 1650 දී පමණ අප රටේ අරක්කු රේන්ද ක්‍රමය ඇති කරන ලද්දේ ඕලන්ද පාලකයන් විසිනි. අරක්කු රේන්ද ක්‍රමය යනු අරක්කු නිෂ්පාදනය බෙදා හැරීම හා විකිණීම සඳහා අවසර දෙන බලපත්‍ර වන අතර ඒවා ලබා දී ඇත්තේ වෙන්දේසියකි.බ්‍රිතාන්‍ය සමයේදී මෙය ලංකාවේ මහා පරිමාණ කර්මාන්තයක් වී තිබේ. ඒ වන විට එය කොතෙක් සාර්ථකව පැවතිණි ද යත් 1900 පමණ වන විට ලංකාවේ අරක්කු මැලේසියාව, ඉන්දියාව,සිංගප්පූරුව වැනි රටවලට ද අපනයනය කර තිබේ. ඉංග්‍රීසීන් විසින් ශ්‍රී ලංකාවේ සුරාබදු පනත සම්මත කොට ඇත්තේ 1834 දී ය. එහිදී ඔවුන් මත්පැන් නිෂ්පාදනය වෙළෙඳාම පිළිබඳ සර්වාධිකාරී බලය රජය යටතට ගෙන දැඩි නීති හා බදු ක්‍රම යටතේ පවත්වා ගෙන ගොස් තිබේ. මින් රජයට ලැබෙන මහා ධනස්කන්ධය දුටු බ්‍රිතාන්‍යයෙන් 1913 දී සුරාබදු දෙපාර්තමේන්තුව පිහිටුවා අරක්කු හා මත්පැන් නිෂ්පාදනය හා විකිණීම විධිමත් ලෙස පවත්වා ගෙන යන ලද්දේ සුරාබදු පනත උල්ලංඝනය කෙරෙන සියළුම සුරා වර්ග නිෂ්පාදනය සහ අලෙවිය සපුරා තහනම් කරමිනි.ඒ අනුව “උගුලෙන් බැරි නම් හබකෙන්” න්‍යායට අනුව රේන්ද බලපත්‍ර ගාස්තු වලින් සේම දඩ මුදල් වලින් ද රාජ්‍ය ආදායම තර වී තිබේ.
කෙසේ හෝ පසු කාලීනව සුරාබදු ආඥාපනත යටතේ ලබාදුන් රා සහ අරක්කු රේන්ද බලපත්‍ර නොතකා නීති විරෝධී ලෙසින් රා මැදීම, විකිණීම සේම අරක්කු නිෂ්පාදනය සහ විකිණීම ද එම ප්‍රදේශවල ව්‍යාප්ත වූ අතර 1940 දශකයේ දී පමණ උපරිම ලෙස සිදුවූ බවට තොරතුරු තිබේ. එමෙන්ම මීගමුවේ පාරම්පරික ගැමියන් පවසන අන්දමට රා වලින් විනාකිරි තැනීම සේම අරක්කු පෙරීම ද රා මැදීමට පැමිණි කොච්චි මිනිසුන් සාර්ථක ලෙස සිදු කරන ලද්දකි. මීගමුව ප්‍රදේශයේ ඇති කොච්චිකඩේ ග්‍රාම නාමය අතීතයේ මෙම කොච්චි මිනිසුන් නිසා ඇති වූවකි. එපමණක් නොවේ අද ද වචන මාත්‍රයකට පමණක් සීමා වූ ‘දන්කොටුව ස්පෙෂල්’ නම් අරක්කු වර්ගය එම ප්‍රදේශයේ ඇති සරුසාර පොල් වගාවන් කේන්ද්‍ර කොට නිපදවුණු හොර සුරා විශේෂයකි.

“එක්දාස් නවසිය හතලිස් ගණන් විතර වෙන කොට ඔය ආණ්ඩුවට මෙල්ල කරගන්න බැරි තරමට ඔය හොර අරක්කු ජාවාරම වැඩි වුණා. ඒකේ පුරෝගාමියෙක් තමයි බණ්ඩාරනායක ඝාතනයට සැබෑ වගකිව යුත්තා කියලා අදටත් සමහරු හිතන ඔසීකොරයා. මිනිහා කලින් සුරාබදු නිලධාරියෙක් හැටියට ඉන්න ගමන් ඕවට සම්බන්ධ වෙලා පස්සේ වැඩ තහනමකට ලක් වෙලා ඔය වැඩේට බැස්සා කියලත් සමහරු කියනවා.අපි දන්න කාලෙ මිහිහා පැද්දෙ රේසින් කාර්.අතේ ඇඟිලි දහයෙම වගේ මුදු තිබුණා.හරියට සිගරටුත් බිව්වා.මිනිහගේ ඔය ජාවාරම් තිප්පොල තිබුණේ මීගමුවේ දාගොන්නේ. ඒවායේ සිය ගාණක් මිනිස්සු රස්සාව කරලා තියෙනවා. පස්සේ මිනිහා මහා ධනපතියෙක් වුණාට පස්සේ ආණ්ඩුවෙන් අරක්කු රේන්ද බලපත්‍ර ගත්තත් ලොකුම සල්ලියක් උපයලා තියෙන්නේ හොර අරක්කු ජාවාරමෙන්, ඒ වගේම ඔසී කොරයා ඒ කාලේ රටේ ලොකු ලොක්කෝ එක්ක කරට අත දාගෙන ඉඳලා තියෙන්නේ.ඔය කාලෙදිම ඔසී කොරයා තමන් ගේ රේසින් කාර් එකේ ඇවිත් මෙතන කොතලාවල පාලම උඩ දී නඩු කාරයකු ගේ කාර් එකක් හිර කරපු කතාවකුත් තියනවා.ඒ කියන්නේ ඒ කාලෙ ඔසී කොරයාට කොහොම බලයක් තියෙන්න ඇද්ද?” එමානුවෙල් ප්‍රනාන්දු කීය. ඔහු වැඩිදුරටත් පවසන අන්දමට අප රටේ සෑම ප්‍රදේශයකම නීති විරෝධී කසිප්පු නිෂ්පාදනය වුව ද පොල් රා වලින් පෙරන ලද මෙම නීති විරෝධී අරක්කු විශේෂයට අගනුවර ප්‍රදේශයෙන් සුවිසල් ඉල්ලුමක් පැවතීම මත විවිධ රහස් ක්‍රම මගින් දිනපතා ඒවා ගැලුම් සිය දහස් ගණනක් කොළඹට ප්‍රවාහනය කොට තිබේ.

ඉස්සර ඉඳන් මේ මීගමුවේ ගෙවල් වල පෙරපු හැලි අරක්කු ඔය දහ ජරා කසිප්පු වගේ නෙවෙයි. ඒවා ඒ ගෙවල්වලම රා, පළතුරු වගේ දේවල් පල් කරලා එක පිට එක මැටි හැලි තුනක් තියලා වාෂ්පයෙන් ගත්තු ඉස්පිරිට් එකක්. ඒ වගේම ඉස්සර මීගමුවේ හුඟ දෙනෙක් ඒවා බිව්වේ එක කලාවකට, මොකද තමන් ළඟ ළඟම තිබුණු හින්දා හැම තිස්සේම කටේ වක් කරගත්තේ නෑ. ඒ වගේම ඒ කාලේ නත්තලට කලින් ඒ වගේ හැලි අරක්කු ටිකක් හුඟක් ගෙවල්වල හදා ගත්තා. ඒකට කිව්වේ නත්තල් වඩිය කියලා. ඒත්, අද ඒකත් සහමුලින්ම තහනම් වෙලා හින්දා තමයි මෙහේ මිනිස්සු පස්සේ බෝතල් වලට හුරුවෙලා අද වෙනකොට පැකට් මට්ටමට බැහැලා තියෙන්නේ” එමානුවෙල් ප්‍රනාන්දු කීය.

“ඔය හින්දම ආණ්ඩුව මීගමු පාර දෙපැත්තේ තියන පොලිසි වලට හොඳටම චණ්ඩි උණ තියන යකාට වත් බය නැති ඕඅයිසීලාව දැම්මා. ඔය කාලේ හුඟක් වෙලාවට ඔය හොර අරක්කු කොළඹ ගෙනිච්චේ බෙන්ස් වගේ සැප කාර්වල ඇතුලේ හදලා තියන හොර ටැංකිවල. ඒවා අල්ලන්න පොලීසිය පනින කොට ඔය අරක්කු කාරයොයි පොලීසියයි අතරේ වෙඩි හුවමාරු පවා සිද්ධ වෙලා තියනවා. මට මතක හැටියට ඒවායින් කීප දෙනෙක් මැරිලත් තියනවා”එමානුවෙල් ප්‍රනාන්දු අසා දැන හිඳින කරුණු අනුව ඒවා අසත්‍ය වීමට නොහැකි යැයි මට සිතේ.
නමුදු අද වන විට මීගමුව හලාවත ආශ්‍රිත සීමිත පොල් වගාවන් අරක්කු නිෂ්පාදනයට කිසිසේත් ප්‍රමාණවත් නැත. ඒ අනුව මේ වන විට රා තැබෑරුම් වලට පවා ගෙනෙනුයේ කෘත්‍රිමව නිපදවන රා බව බොහෝ දෙනෙක් කියති. එවන් තත්වයක් යටතේ ‘දන්කොටුව ස්පෙෂල්’ යන පානය නැත්තටම නැතිව ගොස් සෑහෙන කාලෙකි. නමුදු මිනිස් ශරීරයට අතිශය අහිතකර ලෙස සීනි, යීස්ට්, යූරියා ඇතැම් විට සිමෙන්ති කුඩු ද ඇතුළු අනේක විධ දහ ජරාවල් මුසු කොට ලෝහ බැරල් යොදා මහා පරිමානයෙන් නිපදවන කසිප්පු වලට විවිධ පළතුරු සුවඳැති රස කාරක මුසු කොට සුවඳ ගන්වා පළතුරු වලින් පෙරන ලද ඒවා බව හඟවා පැකට් වශයෙන් විකිණීම බහුලව සිදුවන බව දැන ගන්නට ඇත. බොහෝ විට මීගමුව අවට පැකට් වශයෙන් අලෙවි වනුයේ ද ඒවා විය හැක.
“නමුත් ඉස්සර ඉඳන් මේ මීගමුවේ ගෙවල් වල පෙරපු හැලි අරක්කු ඔය දහ ජරා කසිප්පු වගේ නෙවෙයි. ඒවා ඒ ගෙවල්වලම රා, පළතුරු වගේ දේවල් පල් කරලා එක පිට එක මැටි හැලි තුනක් තියලා වාෂ්පයෙන් ගත්තු ඉස්පිරිට් එකක්. ඒ වගේම ඉස්සර මීගමුවේ හුඟ දෙනෙක් ඒවා බිව්වේ එක කලාවකට, මොකද තමන් ළඟ ළඟම තිබුණු හින්දා හැම තිස්සේම කටේ වක් කරගත්තේ නෑ. ඒ වගේම ඒ කාලේ නත්තලට කලින් ඒ වගේ හැලි අරක්කු ටිකක් හුඟක් ගෙවල්වල හදා ගත්තා. ඒකට කිව්වේ නත්තල් වඩිය කියලා. ඒත්, අද ඒකත් සහමුලින්ම තහනම් වෙලා හින්දා තමයි මෙහේ මිනිස්සු පස්සේ බෝතල් වලට හුරුවෙලා අද වෙනකොට පැකට් මට්ටමට බැහැලා තියෙන්නේ” එමානුවෙල් ප්‍රනාන්දු කීය.

අතිශයින් අවදානම් සහගත භ්‍රාන්ති කාරක මත්ද්‍රව්‍යයක් වන ගංජා වගාව ප්‍රවර්ධනය කෙරෙහි රාජ්‍ය අවධානය යොමුව ඇති බවක් දැන ගන්නට ඇත. ඒ සම්බන්ධයෙන් අපට කීමට ඇත්තේ එම තීරණය මගින් අපගේ සංස්කෘතිය ,සදාචාරය සහ සභ්‍යත්වය නම් වන යුවතියගේ යටි කය මුලු මනින් නග්න කරන ආණ්ඩුව ගෘහස්ථ වශයෙන් හැලි අරක්කු නිපදවීමට ද නීතිමය අවසර ලබා දීම මගින් ඇගේ උඩුකයත් නිරාවරණය කිරීමේ එතරම් දොසක් නොමැති බව ය.

මේ අතර පසුගිය කාලවල අවස්ථා කිහිපයකදීම මීගමුව හලාවත ආදී ප්‍රදේශ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් එම ප්‍රදේශ ආශ්‍රිතව නිවෙස් වල පාරම්පරිකව සිදු කෙරෙන හැලි අරක්කු නිෂ්පාදනය සඳහා ඉතා සීමිත ලෙස නීතිමය අවසරයක් ලබා දෙන ලෙස පෞද්ගලිකව මන්ත්‍රී යෝජනා මගින් ඉල්ලා සිටි අයුරු අපට මතක ය. එහෙත්, මේ වන විට රට පුරා සිදුවන කසිප්පු පෙරීම සහ මීගමුව හෝ ඒ අවට ගෘහස්ථව සිදු කෙරෙන හැලි අරක්කු පෙරීම අතර වෙනස නොදැනම බොහෝ මන්ත්‍රීවරු ඊට එරෙහි වූ අන්දම ද අපගේ මතකයේ තිබේ. නමුත් එම මන්ත්‍රී යෝජනාව පළ දැරීම සම්බන්ධයෙන් සිහිනයක් හෝ දැකිය හැකිව තිබූ පසුබිමක ඊට වඩා අතිශයින් අවදානම් සහගත භ්‍රාන්ති කාරක මත්ද්‍රව්‍යයක් වන ගංජා වගාව ප්‍රවර්ධනය කෙරෙහි රාජ්‍ය අවධානය යොමුව ඇති බවක් දැන ගන්නට ඇත. ඒ සම්බන්ධයෙන් අපට කීමට ඇත්තේ එම තීරණය මගින් අපගේ සංස්කෘතිය ,සදාචාරය සහ සභ්‍යත්වය නම් වන යුවතියගේ යටි කය මුලු මනින් නග්න කරන ආණ්ඩුව ගෘහස්ථ වශයෙන් හැලි අරක්කු නිපදවීමට ද නීතිමය අවසර ලබා දීම මගින් ඇගේ උඩුකයත් නිරාවරණය කිරීමේ එතරම් දොසක් නොමැති බව ය.

තිලක් සේනාසිංහ

එතෙර - මෙතෙර