රාජකාරී වෙලාවේ ෆේස් බුක් වට්සැප් එපා-රජයේ සේවකයන්ට අවවාදයක්

“තමුන්ගේ දුරකථනය වෙන්නට පුළුවන්.නමුත් උදේ පටන් ගත්තාම ඒකේ ෆේස්බුක්, වට්ස්ඇප් මැසේජ් බල බල ඉන්න එපා. ඒකේ යම් දෙයක් කළාට කමක් නැහැ. නමුත් මුළු දවසම දුරකථනයත් එකක් සම්බන්ධවෙලා ඉන්න එපා”කාර්යාල වේලාවන්වලදී රාජ්‍ය සේවකයින් විසින් ජංගම දුරකථන භාවිත කිරීමේදී සැලකිමත්විය යුතු බව අඟවමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා එසේ කීය. 2023 වන වසරේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු එම අදහස් පළ කළේය.එහි දී අදහස් පළ කළ නීල් බණ්ඩාර හපුහින්න මහතා මෙසේ ද කීය.” මම දැකලා තියෙනවා මම ගිය ගොඩක් ඒවයේ අර ආපූ මිනිස්සු දිහා බල බල කරන පළවෙනි වැඩේ තමයි දුරකථන ඇමතුම් ගන්න එක නැතිනම් ෆේස්බුක් යන එක. ඒ හින්දා මම දන්නවා පුද්ගලික අංශයේ අද වෙනකොට එනකොට ජංගම දුරකථනය ලොකර් එකේ දාලා එන්නේ. යනකොට තමයි දුරකථනය දෙන්නේ. ඒ මට්ටමට මේක අරගෙන යන්නේ නැතිව අවශ්‍ය වුණොත් ඒ පියවර ගන්න බැරිකමකුත් නැහැ. ඒ නිසා මම කියන්නේ මෙහෙට විතරක් නෙමෙයි මුළු රජයේ සේවයටම. ඒ කියන්නේ ඒක අධික්ෂණය කළයුතු වෙනවා.”

කාලීන පුවත්