“රාජපක්ෂ වරු”න් ගෙන් තොර කැබිනට්ටුවකට සැරසෙයි

මේ වන විට ඉල්ලා අස්වී ඇති කැබිනට් මණ්ඩලය වෙනුවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වරුන් ගෙන් සැදුම් ලත් රාජපක්ෂ වරුන් නොමැති නව කැබිනට් මණ්ඩලයක් පත් කර ගැනීමට නියමිතය.මේ සඳහා අලුත් මුහුණු එක්වනු ඇතැයි පැවසේ.මේ සඳහා ආණ්ඩු පක්ෂයේ ස්වාධීන බව පැවසූ කණ්ඩායමේ කිහිපදෙනෙකු ඇමතිකම් ඇමතිධූර වල පිහිටුවන්නට කටයුතු යොදා ඇති බවත් ඒ අනුව මෙතෙක් 117 දක්වා අඩුවී තිබූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මේ වනවිට 121 ක් දක්වා ඉහළ නැඟ ඇති බවත් නව කැබිනට්ටුව රාජපක්ෂ වරුන් ගෙන් තොර වීම මත ඔවුන් යළුළි රජය සමඟ එක් වීමට එකඟ වී ඇති බවත් දැන ගන්නට ඇත.නමුදු මෙම කණ්ඩායමට මෙම කණ්ඩායමට ලංකා කම්කරු කොංග්‍රසය හා විමල් වීරවංශ මහතාගේ කණ්ඩායම අයත් නොමැති බව ද කියනු ලැබේ.නමුත්,මෙසේ රාජපක්ෂ වරුන් ගෙන් තොර කැබිනට්ටුවක් පිහිටුවීමට රජය ගෙන ඇති තීරණය රාජපක්ෂ පවුල් පාලනය යන ජනතා චෝදනාවෙන් අත් මිදීම පිණිස රජය යෙදූ තවත් උප්පරවැට්ටියක් පමණකැයි විපක්ෂය කියයි.

කාලීන පුවත්