රාජපක්ෂලාගෙන් තොර නව කැබිනට්ටුව පත් කිරීම 18 වෙනිදා?

රාජපක්ෂ පවුල් පාලනය සම්බන්ධයෙන් පළ වන පොදු ජන අප්‍රසාදය සැළකිල්ලට ගනිමින් බැසිල් රාජපක්ෂ චමල් රාජපක්ෂ නාමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් ගෙන් තොර නව කැබිනට් මණ්ඩලය ලබන 18 වෙනිදා සඳුදා දිවුරුම් දීමට නියමිතව ඇතැයි පැවසෙයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සාකච්ඡා සඳහා යන රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිස ලබන 18 වැනිදා පිටත්ව යෑමට නියමිත අතර ඊට ප්‍රථම රටේ දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීම පිණිස එදින මෙම පත් කර ගැනීම සිදු වනු ඇත. නව කැබිනට් ඇමති තනතුරු බාර ගැනීමට විපක්ෂ හා ස්වාධීන මන්ත්‍රී වරුන්ට ආරාධනා කර ඇතත් ඔවුන් ඒ ආරාධනා ප්‍රතික්ෂේප කිරීම මත ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන්ම නව කැබිනට් මණ්ඩලය පත් කෙරෙන බවත් ඒ සඳහා හිටපු ඇමතිවරුන් වැඩිම පිරිසක් එක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කාලීන පුවත්