පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතනවල සේවය කරන දහසකට අධික ඉංජිනේරුවරුන් අද (04 ) අසනීප නිවාඩු වාර්තා කරමින් සංකේත වර්ජනයකට පිවිසෙන බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය අවධාරණය කරයි.
රජයේ විධායක නිලධාරීන් සදහා ගෙවනු ලබන රුපියල් විසි පන්දහසක දීමනාව ගෙවීමේ දී 2012 වසරේ සිට ගෙවනු ලැබූ රුපියල් පහළොස් දහසක තම දීමනාව කප්පාදු කිරීමට ගෙන ඇති තීරණය මුල් කරගනිමින් මෙම වර්ජනය සිදුකරන බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ ලේකම් එල්. එස්. සූරියබණ්ඩාර පැවැසීය. කොළඹ පිහිටි ශ්‍රී ලංකා වෘත්තිය සංගම් සංවිධාන පරිශ්‍රයේ ඊයේ (03) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව කියා සිටියේය.