රාජ්‍ය බැංකුවකින් මහජනතාවට විශේෂ දැනුම්දීමක්

මහජන බැංකුව විසින් විශේෂ එම බැංකුවේ ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ මහජන බැංකු ගිණුම් හිමියන් ඉලක්ක කර, සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ව්‍යාජ දැන්වීම් මඟින් මහජන බැංකු ගිණුම් හිමියන්ගේ පෞද්ගලික ගිණුම් තොරතුරු රැස් කිරීමේ සංවිධානාත්මක ප්‍රයන්නයන් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බවයි.

මෙහිදී ඔබගේ හදිසි මුදල් අවශ්‍යතා සඳහා “Central Loan” නම් ආයතනයක් සමඟ සම්බන්ධව මහජන බැංකුව විසින් සහනදායී පොලී මත ණය ලබා දෙන බව පවසමින්, ඔබගේ පෞද්ගලික බැංකු තොරතුරු සහ වෙනත් සංවේදී තොරතුරු විවිධ දුරකථන සහ WhatsApp අංක වලට ලබා ගැනීමට කටයුතු කර ඇත.

මහජන බැංකුව එම “Central Loan නම් ආයතනය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති අතර ඒ ආකාරයේ වෙනත් කිසිදු තෙවන පාර්ශවයක් හරහා ණය මුදල් ලබා දීමට කටයුතු නොකරන බව මහජන බැංකුව සඳහන් කර තිබේ.

එබැවින් මෙවැනි වංචාකාරී පාර්ශව සමඟ ඔබගේ ගිණුම් අංක, බැංකු කාඩ්පත් අංක, PIN අංක, OTP අංක ආදී තොරතුරු හෝ Online ගනුදෙනුවලට අදාළ තොරතුරු හෝ හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙස ඔවුන් සියලූම ගනුදෙනුකාර භවතුන්ගෙන් ඉල්ලා සිටී.

කාලීන පුවත්