රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා සොයා බැලීම සදහා ඉකුත් රජය පත් කරන ල උදය ආර්.සෙනෙවිරත්න කමිටු වර්තාවේ නිර්දේශයන් ද සලකා බලා වැටුප් විෂමතාව ඇති නොවන පරිදි පිළිගත් ක්‍රමවේදයකට අනුව මෙවර අයවැයේදී වැටුප් වැඩි කෙරෙන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව දැනට පවතින වැටුප් තල අනුව, රුපියල් 7,500 ත් 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට එකතු කිරීමට නියමිත බව ද එම ආරංචිමාර්ග පවසයි. මෙහිදී ඒ ඒ වැටුප් තල අනුව, මූලික වැටුපට අදාළ වැඩි කිරීම සිදු කිරීමට නියමිත බව පැවැසේ.